IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මැයි රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටි එපික් ලංකා ටෙක්නොලොජීස්' ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන  16 වැනිදා තෙක්  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේෂ් බුද්ධික සී.  රාගල මහතා නියෝග අද (02) කළේය .

මෙම සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන් නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ  මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.



අදහස් (5)

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ ඉංජිනේරුවා යළි රිමාන්ඩ්

sharm warn Tuesday, 02 November 2021 10:33 AM

මෙයාගේ පැකේජ් එක කීයද දන්නේ නැහැ .කීර්ති නාමය කියලා එකක් අවුලක් නැහැ .අපකීර්ති නාමය නේ දැන් ලොක්කෝ ටික සුරකින්නේ ,පවත්වාගෙන යන්නේ

:       0       1

Bandara Tuesday, 02 November 2021 11:20 AM

අපිට නම් පෙන්නේ තොරු මෝරු තල්මස්සු නිදැල්ලෙ ඉඳිද්දී හාල්මැස්සෙක්ව අල්ලගෙන සිදු වූ මගඩිය වෙනතකට හරවන්න හදනවා වගේ කියලා. මෙම ඉංජිනේරුවා මේ මගඩිට තනියම කලා කියනව නම් එය සම්පූර්ණ විහිළුවක්. ඔය පද්ධතිය හැදුවා කියන එපික් ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, ඖෂධ අධිකාරයේ ඉහළ කළමනාකාරීත්වය අනිවාර්යයෙන්ම මේ සිදුවීම පිළිබඳ සෘජු හෝ වක්‍ර හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ම වගකීමට බැඳෙනවා. ඔහොම ජාතික වැදගත්කමකින් යුත්, සංකීර්ණ එමෙන්ම විශාල දත්ත පද්ධතියක් එක පුද්ගලයෙකුට බොහොම සරළව මකා දමන්න පුළුවන් කියන එකත් බොහොම සැක සහිතයි. අද කාලෙ ස්මාට් ජංගම දුරකථනයක ඇති දත්ත මකා දමන එකත් ලේසි දෙයක් නෙවේ. එහෙම බැලුවාම මේ සම්පූර්ණ සිද්ධිය විශාල රහස්, එකිනෙකට නොගැලපෙන කතා, සැක කටයුතු සිදුවීම් රාශියක් පිරිච්ච දෙයක්.

:       0       9

RaveendraTuesday, 02 November 2021 01:51 PM

ඔබගේ නිරීක්ෂණයක් ඉතාමත්ම නිවැරදිය.. මේ සේරම හිතාගෙන ඉන්නේ සියලුම ලාංකිකයන් තොත්ත බබාලා ලෙසය.

:       0       0

Nuwan Tuesday, 02 November 2021 12:07 PM

හංගලා තියන දත්ත පෙන්නන්න අරන් යාවිද දන්නේ නැහැ

:       0       5

Lalith M Tuesday, 02 November 2021 01:41 PM

පොඩි කොලුවෙක්ට කරන්න පුළුවන්ද ඔය කියන දේ. ඇත්ත අපරාධකරු හෙලි නොවන තැනට මේ පරීක්ෂණය ගෙන යන බව පැහැදිලියි. දෙමල චිත්‍රපට කථාවක් වගේ. පොඩිඑකා කරපු එකම වරද එපික් ලංකා සමාගමේ වැඩ කරන්න ගිය එක නේද. හරියට නොකල්හි වීදි සංචාරය වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site