( තිළිණි ද සිල්වා )
දෙදින නිල සංචාරයක් සඳහා ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (3) මෙරටට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ශ්‍රීලංකා රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එමෙන්ම ඔහු අද (3) දිනයේ පාස්කු ඉරුදින ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය වෙත ගොස් එහි නිරීක්ෂණ සංචාරයකට එක්වීමට නියමිත යැයි ද ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී. එම දේවස්ථානය තුළ සිදු වූ බෝම්බ ප‍්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් විය.
අමාත්‍ය පීටර් ඩට්න් මහතා හෙට (4) ආරක්ෂක තත්ත්වය සහ මිනිස් ජාවාරම් පිළිබඳව කොළඹ පිහිට ඕස්ටේ‍්‍රලියානු මහකොමසාරිස් කාර්යාලයේදී මාධ්‍ය ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශපාලකයන්ටම ගැලපෙන කෙනෙක් තමයි.