IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඕස්ට්‍රේලියානු යුද නෞකා ශ්‍රී ලංකාවට

(අමදෝරු අමරජිව)

ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියව හා  ශ්‍රි ලංකාව අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ඕස්ට්ට්‍රේලියානු යුද නැව් කිහිපයක් ශ්‍රී ලංකාවට අද (23) පැමිණියේය. ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට, ගුවන් හමුදාවට සහ යුද හමුදාවට අයත් සෙබළු 1000 කට වැඩි පිරිසක් මෙම නෞකා වලින් ශ්‍රී ලංකාවට පැමිණියහ. 

ඕස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවට අයත් එච්.එම්.ඒ.එස්. සක්සස් හා එම්.එම්.ඒ.එස්. පැරමැටා යන යුද නෞකා දෙක ත්‍රීකුණාමලය වරායට අද (23) සේන්දු විය. මේ අතර ඕස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවට අයත් එච්.එම්.ඒ.එස්. කැන්බරා නෞකාව කොළඹ වරායට සේන්දු විය. 

ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති ‘සක්සස්‘  සහ  ‘පැරමටා‘ යන යුද නෞකා දෙකේ සිටි අණදෙන  නිලධාරීවරුන් දෙදෙනා ශ්‍රි ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකින් ජැටියට පැමිණි අතර ශ්‍රි ලංකා ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ ලේකම් ටොම් ඩේවිස් මහතා විසින් පිළිගනු ලැබිණ. නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදා තුර්යය වාදක කණ්ඩායම නෞකා දෙකම පිළිගත්තේය.

දෙරටේ සහයෝගය වර්ධනය කර ගැනිමේ අරමුණෙන් “ඉන්දු පැසිපික්  එන්ඩේවර් 2019‘‘ යන ඒකාබද්ධ වැඩසටහනක නියැලෙන බවත් ඒ අනුව ඕස්ට්‍රේලියානු යුද ,නාවික හා ගුවන් ඒකාබද්ධ කණ්ඩායමක් පැමිණ සිටින බවත් ආපදා කලමණාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් සහ දියයට යුද අභ්‍යාස  සිදු කරන බවත් ඒ සඳහා සතියක කාලයක් ලංකාවේ රැඳී සිටින බවත් කපිතාන් ඩැරන් ග්‍රෝගන් මහතා පැවැසීය. 

 



අදහස් (10)

ඕස්ට්‍රේලියානු යුද නෞකා ශ්‍රී ලංකාවට

sirimal Saturday, 23 March 2019 09:48 AM

මුල්ම බ්‍රිතාන්‍ය සිරකරුවන් රැගත් නැව් පන්තියක් ඔස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වුයේ 1788 දිය. ඒ දැනට වසර 231 කට පෙරාතුවය. එතැන් පටන් වසර 1900 දක්වාම එලෙසින් සංවිධානාත්මකව යුරෝපීයයන් ඔස්ට්‍ර්ලියාවේ පදිංචියට පැමිණියහ. එදා මෙදා තුර මේ කෙටි කාලයේදී එලෙස පැමිණි විවිධ යුරෝපිය පිරිස් ඔස්ට්‍රේලියාව අද පවතින තත්වයට දියුණු කිරීමට සමත් වුහ. වසර දෙදහස් හයසිය ගණනක සාඩම්බර ඉතිහාසයක් ඇතැයි පුරසාරම් දොඩන අපේ ඇත්තන්ට මේ මඟින් විශාල පාඩම් රාශියක් ඉගෙන ගැනීමට හැකිවනු ඇත. ඒ ඉතින් ඉගෙන ගන්නට උවමනාවක් ඇත්නම් පමණය.

:       72       336

pasninduSaturday, 23 March 2019 09:34 PM

ඇත්තටම තේරෙන්නේ නැහැ, ඒ කියන්නේ රට දියුණු කරන්න නම් කොහෙන් හරි බටහිරයෝ ටිකක් ගෙනත් දාගන්න කියන එකද? පොඩ්ඩක් දැනුම ටිකක් කටගාගත්තම සියල්ල දත් කියල හිතන අය ඔහොම කියනවා.

:       140       154

ranilSunday, 24 March 2019 04:48 AM

බටහිරින් කවුරුවත් ගේන එක නෙමෙයි කියන්නෙ.. ඔයා වගේ හැම දේකටම අතීතෙ වන්සෙ කබල් ගගා ඉන්න අය මේ රටින් නැතිකරන එක ගැනයි සිරිමල් කියන්නෙ. සුද්දා මේ රට 1970 විතර වෙනකම් පාලනේ කරානම්, අද රටේ තත්වය වෙනස්.

:       269       315

Uditha - LondonSunday, 24 March 2019 06:22 AM

යාළුවා සිරිමල් ගේ අදහස ඔබ හිතනවට වැඩිය වෙනස් අදහසක්...ඔබ ඔය හිතන තත්වය වෙනස් කර ගත්තනම් අපේ රට හොද තැනක තියනවා.. ලංකාවේ බහුතරයක් හිතන දේ තමා ඔබගේ අදහස වෙන්නේ.. ඇත්තටම මම අද දුක් වෙනවා සුද්දා අපිට නිදහස දුන්න එකට... අද රටේ තත්වය සමග මට එහෙම හිතෙනවා...

:       37       363

sirimalSunday, 24 March 2019 09:13 AM

ලංකාව විදේශිකයින්ට අයත්ව තිබුනා නම් හොඳයි කියා මා කියන්නේ නැහැ. නමුත් අපගේ වැනි කුඩා ප්‍රමාණයේ සිංගප්පුරුව, හොංකොං වගේම යුරෝපයේ බොහෝ කුඩා රටවල් දියුණු කරගෙන ඇති ආකාරය බලා අපේ මිනිස්සුන්ටත් පාඩම් ඉගෙන ගන්නට පුළුවන් කියලයි මම කියන්නේ. නමුත් අපේ රටේ දේශපාලනය අද පත්ව ඇති දුක්ඛදායක තත්වය අනුව ජවිපෙ ඇතුළුව, කිසිම දේශපාලඥයෙක් රට දියුණු කිරීමේ ඒකායන අරමුණෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නැහැ. කනගාටුවට කරුණ එයයි. ස්වාභාවික මෙන්ම මිනිසුන් විසින් උත්පාදනයකළ යුධ අරගල වැනි මහත් විපත්ති වලට ගොදුරුවූ අප්‍රිකාවේ සමහර රටවල නායකයින් කල්පනා කාරීව කටයුතු කරමින් ඒ රටවල් ශක්ති ප්‍රමාණයෙන් ගොඩගෙන ඇති බව අප දැක ඇත්තෙමු. ඉතියෝපියාව උදාහරණයකි. සමහරවිට ඔවුන් චීන ව්‍යාපෘතිවාදී උගුලට හසුවී ඉන්නවා වෙන්නට පුළුවන් වුවත් ඒ රටේ ප්‍රවාහන සේවා, වරාය, මහා මාර්ග, ගුවන් සේවය, ප්‍රධාන නඟර,සෞඛ්‍ය සහ අධ්‍යාපනය බොහෝ දුරට දියුණු තත්වයක ඇති බව අප දුටුවෙමු. චීනය අපේ රටද ඔවුන්ගේ සේද මාවත් උගුලට අසුකර ගැනීමට උත්සාහ කරන බව රහසක් නොවේ. චීනයේ උදව්වෙන් රට හදනවා කියමින් සුදු අලි අටවා අපගේ දේශපාලඥයින් හරි හම්බ කර ගත්තා නොවේද?

:       0       641

Kumar (Gulf) Sunday, 24 March 2019 07:00 PM

ලංකාවේ දියුණුවට ඇති ප්‍රධානතම බාධකය පරාජිකත්වයයි, කරුමයයි, සංසාරයයි හැමේකටම බාධාවක්...

:       20       4

Nimal Sunday, 24 March 2019 08:19 AM

මගේ අදහසට අනුව නම්, ඒ හා සමානව අමෙරිකාවෙනුත් මෙරටට යුද අභ්‍යාස සඳහා පැමිණිය යුතුයි.

:       0       38

Dayal himi Sunday, 24 March 2019 03:25 PM

ලංකාවට යුද නැව් සංචාරය සඳහා එන්නේ ඇයි? ඉන්දියාවට යන්න බැරිද? මෙතන අපි නොදන්න හේතුවක් තියෙනවා.

:       13       19

diasSunday, 24 March 2019 10:17 PM

මේ නාවික හමුදා කාණ්ඩය කරන්නේ සංචාරයක්. ලංකාවට පසු ඔවුන් ඉන්දියාව ඇතුළු තව රටවල් කිහිපයකට යන්නට නියමිතයි.

:       0       0

pissaMonday, 25 March 2019 05:56 AM

කෙල්ල ගෙට ගනින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 249 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1128 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site