(අමදෝරු අමරජිව)
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියව හා ශ්‍රි ලංකාව අතර සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් ඕස්ට්ට්‍රේලියානු යුද නැව් කිහිපයක් ශ්‍රී ලංකාවට අද (23) පැමිණියේය. ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට, ගුවන් හමුදාවට සහ යුද හමුදාවට අයත් සෙබළු 1000 කට වැඩි පිරිසක් මෙම නෞකා වලින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
ඕස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවට අයත් එච්.එම්.ඒ.එස්. සක්සස් හා එම්.එම්.ඒ.එස්. පැරමැටා යන යුද නෞකා දෙක ත්‍රීකුණාමලය වරායට අද (23) සේන්දු විය. මේ අතර ඕස්ට්‍රේලියානු රාජකිය නාවික හමුදාවට අයත් එච්.එම්.ඒ.එස්. කැන්බරා නෞකාව කොළඹ වරායට සේන්දු විය.
ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා ඇති ‘සක්සස්‘ සහ ‘පැරමටා‘ යන යුද නෞකා දෙකේ සිටි අණදෙන නිලධාරීවරුන් දෙදෙනා ශ්‍රි ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවකින් ජැටියට පැමිණි අතර ශ්‍රි ලංකා ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ ලේකම් ටොම් ඩේවිස් මහතා විසින් පිළිගනු ලැබිණ. නාවික සම්ප්‍රදායන්ට අනුකූලව නාවික හමුදා තුර්යය වාදක කණ්ඩායම නෞකා දෙකම පිළිගත්තේය.
දෙරටේ සහයෝගය වර්ධනය කර ගැනිමේ අරමුණෙන් “ඉන්දු පැසිපික් එන්ඩේවර් 2019‘‘ යන ඒකාබද්ධ වැඩසටහනක නියැලෙන බවත් ඒ අනුව ඕස්ට්‍රේලියානු යුද ,නාවික හා ගුවන් ඒකාබද්ධ කණ්ඩායමක් පැමිණ සිටින බවත් ආපදා කලමණාකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් සහ දියයට යුද අභ්‍යාස සිදු කරන බවත් ඒ සඳහා සතියක කාලයක් ලංකාවේ රැඳී සිටින බවත් කපිතාන් ඩැරන් ග්‍රෝගන් මහතා පැවැසීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්ම බ්‍රිතාන්‍ය සිරකරුවන් රැගත් නැව් පන්තියක් ඔස්ට්‍රේලියාවට සම්ප්‍රාප්ත වුයේ 1788 දිය. ඒ දැනට වසර 231 කට පෙරාතුවය. එතැන් පටන් වසර 1900 දක්වාම එලෙසින් සංවිධානාත්මකව යුරෝපීයයන් ඔස්ට්‍ර්ලියාවේ පදිංචියට පැමිණියහ. එදා මෙදා තුර මේ කෙටි කාලයේදී එලෙස පැමිණි විවිධ යුරෝපිය පිරිස් ඔස්ට්‍රේලියාව අද පවතින තත්වයට දියුණු කිරීමට සමත් වුහ. වසර දෙදහස් හයසිය ගණනක සාඩම්බර ඉතිහාසයක් ඇතැයි පුරසාරම් දොඩන අපේ ඇත්තන්ට මේ මඟින් විශාල පාඩම් රාශියක් ඉගෙන ගැනීමට හැකිවනු ඇත. ඒ ඉතින් ඉගෙන ගන්නට උවමනාවක් ඇත්නම් පමණය.
මගේ අදහසට අනුව නම්, ඒ හා සමානව අමෙරිකාවෙනුත් මෙරටට යුද අභ්‍යාස සඳහා පැමිණිය යුතුයි.
ලංකාවට යුද නැව් සංචාරය සඳහා එන්නේ ඇයි? ඉන්දියාවට යන්න බැරිද? මෙතන අපි නොදන්න හේතුවක් තියෙනවා.