(තිළිණි ද සිල්වා)
නීතිවිරෝධී ලෙස බෝට්ටුවලින් ඕස්ටේ‍්‍රලියාවට ගමන් කරන සංක‍්‍රමණිකයින් සම්බන්ධයෙන් පවතින දේශසීමා ප‍්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නොමැති බවත් එලෙස පැමිණීමට උත්සාහ කරන්නන්ට ඕස්ටේ‍්‍රලියාව තුළ කිසිඳු ඉඩක් නැතැයි එරට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද (04) කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
පවතින නීතිය යටතේ නීතිවිරෝධී බෝට්ටු නැවත ආපසු හරවා යවා සියලුම නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් ජීවිතාන්තය දක්වා තහනමට ලක්වනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සිය ශ්‍රී ලංකා නිල සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා කොළඹ 07 , හෝර්ටන් පෙදෙසේ පිහිටි ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් නිල නිවසේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඕස්ටේ‍්‍රලියා රජය විසින් ක‍්‍රියාත්මක නීතිවිරෝධී සංක‍්‍රමණිකයින්ට කිසිදු අවස්ථාවක් නොමැත යන තේමා පාඨයෙන් යුතු ‘‘ සීරෝ චාන්ස් ’’යන වැඩසටහන එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ආරම්භ කිරීමද මෙහිදී සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය පීටර් ඩට්න් මහතා කියා සිටියේ ඕස්ටේ‍්‍රලියා දේශසීමා ප‍්‍රතිපත්ති ලිහිල් වී ඇති බව මිනිස් ජාවාරම්කරුවන් පැවසුවහොත් එය විශ්වාස නොකරන ලෙසත් මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරන ප‍්‍රචාරය කරන දේවල් වලට මුලා නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.
පසුගියදා මැයි 29 වැනිදා ඕස්ටේ‍්‍රලියාවට එලෙස පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමටත් , නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණෙමින් සිටි තවත් පුද්ගලයින් 41 දෙනෙකු ඉන්දීය සාගර සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නැවත හරවා යැවීම මීට කදිම උදාහරණයක් යැයි හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.
පසුගිය වසර පහක තුළ බෝට්ටු වලින් නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය වූ බොහෝ පිරිස් නැවත හරවා යැවීමට කටයුතු කළ බවත් , ඕස්ටේ‍්‍රලියාව දේශසීමා ආරක්ෂාව තර කර ඇති බැවින් ශ‍්‍රී ලාංකිකයන් මෙසේ නීතිවිරෝධී ලෙස පැමිණීම තම ජීවිත අනතුරට පත්කර ගැනීමක් බවත් , කලාපීය රටවල් හවුල්කර ගනිමින් මෙවැනි මිනිස් ජාවාරම් නැවැත්වීමට අඛණ්ඩව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බවත් ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මේ අතර මෙරට සිදු කළ සංචාරයේදී තමන් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් හමුවූ බවත් , එහිදී ත‍්‍රස්තවාදය තුරන් කිරීම , නීතිවිරෝධී සංක‍්‍රමණ ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සම්බන්ධතා හුවමාරු කර ගත් බවත් හෙතෙම කියා සිටියේය.
මෙහිදී ඕස්ටේ‍්‍රලියාවට නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය වන පුද්ගලයින්ට එරෙහිව සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියාවේ දේශ සීමා මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජනරාල් කේ‍්‍රග් ෆුරිනි සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් ඬේවිඞ් හෝලි යන මහත්වරුන්ද මෙහිදී කෙටි අදහස් දක්වන ලදී.
(ඡායාරූපය ‐ චතුර එස්.කොඩිකාර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේගේ ඔය රටත් දැන් අරාබිකරයේ මුඩුක්කුවක් වෙලා ඉවරයි. බොරුවට මෙහෙ පම්පෝරි ගැහුවට!
අන්න හරි, උපන් රටෙන් මුළු වියදමම දරලා උගන්වලා උගතෙක් කළාට පස්සේ, උපන් රටේ සබ්බ සකලමනාවම විකුණලා ඒ සල්ලිත් අරගෙන, අධ්‍යාපනයට වියදම් කරපු ධනස්කන්ධය උපන් රටේ ඉතුරුවෙන උන්ට ගෙවන්න ඇරලා, එනවා නම් එන්න පුළුවනි. බෝට්ටු වල බැහැ.
නිදහස ලබලා අවුරුදු 70, වත් පසු කළා. කාලකන්නි දේශපාලකයෝ රට කෑවේ නැතිනම් නුඹලාගේ රටේ වහල්ලු වෙන්න එන්න මිනිසුන්ට වුවමනා නැහැ.
බෝට්ටුවෙන් එන්න බෑ. හැබැයි අහස් යානයේ එන්න පුළුවන්. වැඩිම සරණාගතයෝ ඔස්ට්‍රේලියාවට එන්නේ අහස් යානයේ..
මෙතන කට තියෙනවට දොඩවන ලිං මැඩියොන්ට කියන්න තියෙන්නෙ මේකයි... ලංකාවෙන් එතෙර ජීවත් වෙමින් ලංකාවට විදේශ විනිමය උපයන රට විරුවන් නොමැති නම්, අද ලංකාව මේ තියෙන තත්වෙටත් වඩා දරුණු ආර්ථික අගාධයකට වැටිලා ඉවරයි. ලංකාවට වැඩියෙන්ම විදෙස් මුදල් එන්නේ ඔබෙත් මගෙත් පවුල් වලින් මැද පෙරදිග සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල සේවය කරමින්, ජීවත් වෙමින්, තම දෙමව්පියන් ට, පවුල් වලට මුදල් එවන දහසකුත් ශ්‍රී ලාංකිකයන් නිසයි. ඔවුන් ලංකාවේ ගැගෙහ හදවත බඳුයි. ඒ නිසා, යම් කිසි රටක් ක්‍රමවත් විදිහකට සංක්‍රමණිකයන් ඇතුළු කර ගැනීමට හේතු තියෙනවා. සරණාගතයින්ට ඕන ඕන විදිහට එන්න දෙන එක කිසිඳු රටක් කරන්නෙ නෑ. මෙහෙම බෝට්ටු වලින් යන එකෙන් වෙන්නෙ හරි විදිහට රට යන්න ඉන්න මනුස්සයගේ වාරයත් අවහිර වීමයි.
මෙයාගේ හම සුදු යාළුවන්ට හොරෙන් වීසා දීල පච වෙලා ඉන්නේ
පුදුම කුහක ඉරිසියා මිනිස්සු. මේ රටවල් වලට බොට්ටු වලින් එන එක හරියටම අෆ්ඝනිස්තානෙන් ලංකාවට එනවා වගෙයි තමයි. අනිත් එක ඔස්ට්‍රෙලියාව බලෙන් මිනිස්සු ගන්නෙත් නෑ ලෙසියෙන් යන්නත් බෑ. කල්පනා කරන්න ඇයි මිනිස්සු යන්නෙ කියලා, ලංකාවට වඩා හොද ජීවිතයක් ගත කරන්න