අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් ඇමරිකාව විසින් සිදුකළ මෙහෙයුමකදී ඝාතනය කළ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි.
බුද්ධි අංශ තොරුතුරු උපුටා දක්වමින් ගුවන් ප්‍රහාරයකදී ඔහු මියගොස් ඇති බව මාධ්‍ය මීට මාසයකට පමණ පෙර වාර්තා කර තිබිණි.
හම්සා ජාත්‍යන්තර ත්‍රස්තවාදියකු ලෙස නම්කරනු ලැබුයේ මීට අවුරුදු දෙකකට පෙරදීය.
වයස අවුරුදු 30ක් පමණ වන මොහු විසින් ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කරන බවට දුරකථන ඇමතුම් ලබාදී තිබූ බව ද වාර්තා වේ.
"අල් කයිඩා සංවිධානයේ ඉහළ නිලයක් දැරූ හම්සා බින් ලාඩන් පකිස්ථාන/ඇෆ්ගන්ස්ථාන කලාපයේ දී ඇමරිකාව විසින් සිදුකළ ත්‍රස්තවාදී මෙහෙයුමකදී මියගියා" යැයි ට්‍රම්ප් මහතා පවසා ඇත.
කෙසේවුවද මෙම මෙහෙයුම සිදුකළ කාලවකවානුව නිවේදනයේ සඳහන් කර නොමැත.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඈ !! ප්‍රසිද්ධියේ පිලිගන්නවා මිනිස් ඝාතනයක් කළැයි කියලා. ඔය කියන ජාත්‍යන්තරේ කොහෙවත් නැද්ද මිනීමැරීම වරදක් කියලා. අපේ කොල්ලන් ටික දහස් ගණනකගේ ජීවිත බේරාගන්න ගිහිල්ලා ලෝකයා පිළිගත් ත්‍රස්තයන් කීපදෙනෙක් මැරුණයි කියලා උඩු බුරන රටවල් හා සංගම් ඇයි මේ නිහඬ...?
ඔබට නිවන් සුව...!!! ඔබලා සටන් කලේ ආගම පතුරවන්න නොව ඔබලාගේ තියන තෙල් පිරි රටවල් රැක ගැනීමටය. ලංකාවේ කරාබුනැටි හොයාගෙන පැමිණි හම්බයන් ලැහැස්ති වෙන්නේ මෙහෙ හම්බ රාජ්‍යයක් කිරීමටයි. එයට කැමති සිංහල හමබයන් සිටින බව පෙනේ... එ්ත් අපි කැමති නැත.
අනේ බමුණෝ. අපිට කොහෙත්ම අවශ්‍ය නැහැ අපේ රාජ්‍යක් කරන්න මොකද මේ රටේ තමයි අපිත් ඉපදුනේ. ඒ නිසා අපි කියන්නෙත් ඔක්කොම එකට ජීවත් වෙන්න ඕන කියලයි . එක තේරුම් ගත්තනම් ඇති .