
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය ඒදණ්ඩවෙල ප්‍රදේශවාසීන්ගේ පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීම සඳහා අද(08) එහි ගිය සෞඛ්‍ය නිලධාරීන්ට එම පරීක්ෂණය කිරීම සඳහා පිරිස සොයාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
සෞඛ්‍ය වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායම එහි යනවිටත්, පෙරේදා වනතෙක් විවෘත කරතිබූ වෙළඳසැල් මෙන්ම මුස්ලිම් පල්ලිය වසා දමා තිබූ බවද, පීසීආර් සිදුකිරීමට යෝජනා කරගෙන තිබූ මුස්ලිම් විදුහල පවා වසාදමා තිබූ බවද නිලධාරීහු පැවසූහ.
පීසීආර් පරීක්ෂණ කිරීම සඳහා එම ස්ථානය ලබාගැනීමට සහ පිරිස පීසීආර් පරීක්‍ෂණ සඳහා කැඳවාගැනීමට පල්ලියට ගොස් එහි පූජකවරයා මුණගැසීමට සිදුවූ බවද, පීසීආර් පරීක්‍ෂාව සඳහා නොපැමිණීමෙන් පවතින අවදානම සළකා ප්‍රදේශය වසාදැමීමට පවා ඉඩ ඇති බව ශබ්දවාහිනී යන්ත්‍ර ඔස්සේ පැවසීමට සිදුවූ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ලක්‍ෂමන් මහතා පැවසූයේ, මේ අවස්ථාවේදී සියලුම දෙනා එක්ව සෞඛ්‍ය අංශවලට සහය දීමෙන් තම ප්‍රදේශ හා සමීපතමයින් ආරක්‍ෂා කරගැනීමට කටයුතු කළයුතු බවය.
කුලියාපිටිය ඒදණ්ඩවෙල පෙදෙස ආශ්‍රිතව ඇති මුම්මානයෙන් කොවිඩ් ආසාධිතයින් 31දෙනෙකු පමණ මේ දක්වා හඳුනාගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 04
213
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
384
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඒදණ්ඩවෙල වැසියෝ පීසීආර් කරන්න ආ නිලධාරීන්ට පොලු තියති
Sisira Friday, 08 January 2021 09:50 AM
මේක මෙයාලගේ ජාති වැරැද්දක්..
Naushad Friday, 08 January 2021 10:26 AM
මෙවන් සිදුවීම් ලංකාවේ හැමතැනක වගේ සිදුවෙනවා. හැබැයි මුස්ලිම් එකෙක් ගෑවුණොත් තමයි ඒක ප්‍රවෘත්තියක් වෙන්නේ... ඒක අපේ කරුමේ...
DarshanaSaturday, 09 January 2021 02:16 AM
මෙවැන්නන් රටටම කරුමයක් ...
BamunuarachchiMonday, 11 January 2021 04:02 AM
ඔය පොලු තියා තිබෙන්නේත් මුස්ලිම් මිනිස්සු නේද? ඉතින් එ්ක ඔහෙලගේ කරුමේ නොවෙයි උරුමේ... මෙවන් වර්ගයක් රටේ සිටීම අපේ කරුමේ...