IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඒකාබද්ධ විපක්ෂයත් තානාපතිවරුන් හා සාකච්ඡා අරඹයි

(හර්ෂණ තුෂාර සිල්වා, බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)

රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මෙරට සිටින තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (27) පස්වරුවේ පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන්නැයි ඉල්ලා තිබුණු බවත් මහින්ද රාජපක්ෂ  අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නව අන්තර්වාර ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

කොළඹ පදනම් ආයතනයේ අද (27) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගුණවර්ධන මහතා එම කරුණු කීවේය.

එහිදි ඔහු මෙසේ ද කීය.

“අපි තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට තවත් ණය වාරිකයක් ලැබෙන්න තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් බලා සිටිනවා. අපි ඔවුන් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නව”.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016 වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් අනුමත කළ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් මූලික නිරීක්ෂණ ඉදිරිපත් කළේය.

මේ වසරේ ජූනි මාසයේදී අන්තර්ජාතික මූලය අරමුදල අවසන් වරට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 252ක මුදලක් නිදහස් කළේය.  



අදහස් (2)

ඒකාබද්ධ විපක්ෂයත් තානාපතිවරුන් හා සාකච්ඡා අරඹයි

sandy Saturday, 27 October 2018 12:13 PM

ඊළඟ ඡන්දයේදී මේවට වන්දි ගෙවන්න වෙනවා. හොරු සමග හෙළුවෙන්

:       0       0

සතයපාල Saturday, 27 October 2018 02:28 PM

තානාපතිවරු එක්ක සාකච්ඡා කරලා මොනවා කියන්නද? දන්නේ නැහැ යන්නේ " අන්තිමට අපි ආණ්ඩුවත් කොල්ලකෑවා" කියලා තමයි කියන්න වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site