(සුජිත් හේවාජුලිගේ)

බැසිල් රාජපක්ෂ මහතාට මැතිසබයේ පළමු පෙළ ආසනයක් ලබා දීම සඳහා ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා මැති සබේ දෙවැනි පෙළේ  ආසනයකට ගොස් ඇත.

එස් එම් චන්ද්‍රසේන මහතා මේදක්වාම  අසුන් ගෙන සිටියේ ආණ්ඩු පක්ෂයේ මුල් පෙළ 19 වැනි ආසන්නයේය.

මේ සම්බන්ධයෙන් අප වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ මූල්‍ පෙළ  ආසනයක් ලබා දීම සඳහා කෙරුණු ආසන  වෙනස්  කිරීමේදී   එස්.එම් චන්ද්‍රසේන මහතා සිය කැමැත්තෙන්ම දෙවැනි පෙළ ආසනයකට ගිය බවයි.