(සුජිත් හේවාජුලිගේ)
උඩපේරාදෙණිය ප්‍රදේශයේ කාන්තාවකට එන්නත් මාත්‍රා දෙක එකවර ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට හෙට (24) බාරදීමට නියමිතය .
එම පරීක්ෂණය පවත්වනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසිනි.
සිද්ධියේ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග තමා ගන්නා බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ලංකාදීපයට පැවැසීය.
මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වැළැක්වීමට මධ්‍යම පළාතේ එන්නත් මධ්‍යස්ථානවල පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය .
මේ අතර පළාතේ සියලුම එන්නත් මධ්‍යස්ථානවල කටයුතු නිසි පරිදි අධීක්ෂණයට ලක් කරන්නැයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
උඩ පේරාදෙණියේ සිද්ධියෙන් පසු එවැනි වෙනත් කිසිදු සිද්ධියක් මෙතෙක් වාර්තා වී නැති බවත් පළාතේ එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදුවෙමින් පවතින බවත් වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා ප්‍රකාශ කළේය .
මධ්‍යම පළාතේ නවලක්ෂ අනූ හත් දහස්පන් සිය තිස් පහකට ඊයේ (22)දිනය වන විට එන්නතේ පළමු හා දෙවෙනි මාත්‍රාව ලබාදී අවසන්ව ඇති බව පැවසූ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාද හෙට (24) දිනය වන විට එන්නත් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වනු ඇති බවද සඳහන් කළේය.
මධ්‍යම පළාතේ එන්නත්කරණ වැඩසටහන සඳහා ලැබී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව එකොළොස් ලක්ෂ හැත්තෑ පන් දහසකි .
COMMENTS
නිවුස් එක දැක්කා ටීවි එකෙන්.. නමුත් කොළඹ සිට පත්තරයෙන් නිවුස් එක කරලා වගේ...
එන්නත් මාත්‍රා දෙකම එකවර ලබාගත්තේ සිහිමද පුද්ගලයෙක්ද? ගොළු පුද්ගලයෙක්ද?