IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


එන්නත් නොගන්නා අයට දඩ

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගන්නා ඔස්ට්‍රියානුවන්ගෙන් සෑම මාස 3 කටම වරක්, යූරෝ 3,600 ක (ඇමෙරිකන් ඩොලර් 4,071ක්) දඩමුදලක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රියා රජය කියයි.

ඔස්ට්‍රියාව අයත් වන්නේ බටහිර යුරෝපයටය. මේ වනවිට ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් සියයට 68 ක ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත. බටහිර යුරෝපයේ සෙසු රටවල් හා සන්සන්දනය කරද්දී, එය ඉතාමත් අඩු ප්‍රතිශතයකි. ඔස්ට්‍රියානුවන් වැඩි දෙනා කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීමට අදිමදි කරන්නේ, එන්නත් ගැන ඔවුන්ගේ විශ්වාසයක් නොමැති බැවිනි. එන්නත් සම්බන්ධයෙන් ඔස්ට්‍රියාවේ දේශපාලනික වශයෙන් ද බෙදීමක් පවතී.

එන්නත් ලබා ගැනීමෙන් වළකින්නැයි ජනතාවට උපදෙස් දෙන්නේ ඔස්ට්‍රියා නිදහස් පක්ෂයයි. ඔස්ට්‍රියාවේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. පසුගිය සති තුනක කාලය පුරාවට, ඔස්ට්‍රියාවේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ ගියේය.

සිවුවැනි වතාවටත් ඔස්ට්‍රියාව, මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණි. එම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ඒ අනුව නිර්දේශ කළේ රටේ එන්නත් ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ සියලු දෙනාට එන්නත් අනිවාර්ය කළ යුතු බවය. ඔස්ට්‍රියා රජය එන්නත් අනිවාර්ය කළහොත්, යුරෝපා රටක් එසේ කොවිඩ් 19 එන්නත් අනිවාර්ය කරන පළමු අවස්ථාව එය වනු ඇත.

‘‘එන්නත් ලබා නොගන්නා අයට බලපෑම් කරන්න අප කැමැති නැහැ.. ඒත් සෞඛ්‍ය නිර්දේශ අනුව, රටේ වැඩි දෙනා එන්නත් ලබා ගත්තොත් වසංගතය මර්දනය කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ නිසයි අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වගකීමක් ඇති පුරවැසියන් විදියට එන්නත් ලබා ගන්න’ යැයි සෞඛ්‍ය අමාත්‍ය වුල්ෆ්ගැන්ග් මුඑක්ස්ටයින් මාධ්‍ය හමුවේ පවසා තිබේ.

කොවිඩ් 19 එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදාය. මේ වනවිටත් රජයට පක්ෂ දේශපාලන පක්ෂ ඊට සහාය පළ කරන බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

එන්නත් නොගන්නා අයට දඩ

මැක්ස් Saturday, 11 December 2021 05:33 PM

මෙහෙම නීතියක් ලංකාවේ දැම්මා නම් මානව හිමිකම් මුදලාලිලා, විපක්ෂේ දේශපාලන පක්ෂ, සියල්ල දත් වෙබ් කොමෙන්ටුකරුවන් වැනි අය කතා දාහක් හදලා.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 238 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site