(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එසේ එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එම රෝහල් ප්‍රධානීහු ඉල්ලීමක් කරති.
එම දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වන බවද ඔවුහු සඳහන් කරති.
දරුවන්ට එන්නත ලබාදීමෙන් පසු උණ තත්වයක් ඇතිවුවහොත් පැරසිටමෝල් පෙත්තක් ලබාදීම ගැටලුවක් නැති බවත් දරුවන් මහන්සි වෙන ආකාරයේ ක්‍රියාකාරකම්වල නොයෙදවිය යුතු බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රවීන්ද්‍රජිත් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රශ්නය දැන්ම අහලා වැඩක් නැහැ. ඕවා හදලා තියෙන්නේ කුක්කු බබාලා නෙවෙයිනේ... ඕවායේ අතුරුඵල එන්නේ තව අවුරුදු ගාණක් ගිහින් එදාට කෝල් කරන්න කවුරුවත් නැති වෙයි.
මිනිහෙක් මැරුණාම, කොරෝනා කියලා මීඩියාවල දානවා. බලෙන් මිනිස්සුන්ට කොරෝනා කියලා මාධ්‍යයේ දානවා. හැබැයි එන්නත්වලින් වරදක් වුණාම ඒවා ප්‍රසිද්ධ කරන්නේ නැහැ මාධ්‍යවලින්. මේකෙන්ම තේරෙනවා කොරෝනා කියන්නේ බොරුවක් කියලා..
දුරකථන අංක නම් දෙනව ඒත් ඒවට කවුරුත් උත්තර දෙන්නෙ නැහැ නේ. නිවසේ ප්‍රතිකාර ගනිද්දි ඒ දීපු අංකයට කොච්චර කතා කලාද. කවුද උත්තර දුන්නෙ මේකත් ඒවගේ ඇති.
කවුරුවත් කිව්වේ නැහැනේ මේක බලෙන් ගහන්න කියලා... තමන්ගේ ළමයින්ට වැක්සීන් ගහන්න අකැමැති අය ඇති. එහෙම අය ගහන්න එපා. ගහපු මිනිහටයි, එන්නතටයි බැන බැන ඉඳලා කාටවත් වැඩක් වෙන්නේ නැහැ.