( තිළිණි ද සිල්වා)
විදේශ ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකියන්ට කටුනායක ගුවන්තොටුපොළ තුළදීම අවම මිල ගණන් යටතේ පී.සී.ආර් පරික්ෂණ කර ගැනීමට අවස්ථාව සැලසීමට රජය පියවර ගන ඇතැයි ගුවන් සේවා හා අපනයන කලාපරාජ්‍ය ඇමැති ඩී.වී චානක මහතා ඊයේ (16) පැවසීය.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපොලේ පිහිටි පරික්ෂණාගාරය තුළින් රජයේ අනුමත අවම මිල ගණන් යටතේ පී.සී.ආර් පරික්ෂණ සිදුකර ගැනීමෙන් පසු එහි ප්‍රතිඵල අනුව සිය නිවෙස්වල යෑමට හැකියාව ලැබෙන බව ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම පරික්ෂණාගාරය තුළින් පැයකට පී.සී.ආර් පරික්ෂණ පන්සියයක් පමණ කළ හැකි බවත්, පැය තුනක් ඇතුළත එහි ප්‍රතිඵල ලබාගැනීමට අවස්ථාව උදාවන බවත් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
පරික්ෂණය සිදුකර ගැනීමෙන් අනතුරුව ප්‍රතිඵල ලැබෙන තෙක් එම පිරිස් හට රැදී සිටීමට අවශ්‍ය සියලූම පහසුකම් කටුනායක ගුවන්තොටුපොල පරිශ්‍රය තුළ සකස් කිරීමට පියවර ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනවා වගේම කෙරෙනවානම්...
පැය තුනක් ඕක ඇතුලේ ඉන්නකොට ඔක්කොටෝම කොරෝනා බෝවෙයි. නෙගටිව් ටෙස්ට් එකත් එක්ක ගෙදර ගිහිල්ලා රටටම බෝ කරයි.
කරුණාකරලා පී.සී.ආර් ගන්න මුදල රුපියල් වලින් ප්‍රසිද්ධ කරන්න.
වැඩේ කියනවා වගේම උනොත් හොඳයි .අනික කවද වෙනකම් කරයිද කියලත් සැකයි . මොනා හරි බොරුවක් ගොතලා ලාංකිකයෝ හෝටල්වලට යවනවා .මෙයාලා බොරුව දැන්ම මෙලහට ගොතලා ඇති
දැන් හරි රටවිරුවන් මතක්වීම සතුටුයි .පැය 3 ක් ගුවන්තොටෙහි ඉන්න කියන්නේ තවත් පොකුරක් හදනන්ද ?
පිටිගල කියලා තිබෙන දේ ඇත්තක් තියෙනවා. සාධාරණ මුදලකට දවසක් හෝ දෙකක් ඉඳලා යන්න හෝටල් පහසුකම් කැමති අයටවත් දෙනාවනම් හොඳයි. අපි ගිය අවුරුද්දේ ආවාම හොඳ තැනකට දැම්මා නමුත් තනි පුද්ගලයෙකුට 12500 ගානේ දවසට ගෙවන්න වුනා. ඊට වඩා ටිකක් අඩුවෙන් දෙන්න පුළුවන් නම් හොඳයි. අනික පැය තුනක් ඇතුලේ පි සි ආර් ප්‍රතිඵල දෙන්න තදබදයක් ආවොත් ඔය පරීක්ෂණ වල ගුණාත්මක බවත් අඩුවෙන්න පුළුවන් නේද. ගසා කන අයගෙන් අපිව ආරක්ෂා කරනවා වගේම රටේ ඇතුලේ ඉන්න අයත් ආරක්ෂා වෙන විදිහේ දෙයක් කරන්න පුළුවන් නම් තමයි හොඳම.
රමණි මොන විකාරයක්ද ?එන්නත් 2 දීලා නම් ,ලංකාවට එන්න පැය 72 ඇතුලත පී.සී.ආර් කරලා නම් ,ගුවන්තොටුපලේදීත් පී.සී.ආර් කරනවා නම් ,නැවත නිරෝධාන හෝටල් කුමකටද ?
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් වගට පිළිගත් සහතිකයක් ඉදිරිපත් කරන අයට පමණක් මෙම පී.සී.ආර් පරීක්ෂණයෙන් පසු නිවසට යා හැකි වගට යාවත්කාලීන විය යුතුයි
විනෝද වෙන්න එන සුද්දන්ගෙන් කැමතිනම් ඩොලර් 40 ගැනේ අය කරගන්න.
මොකක්ද මේ කරන බොරු වැඩේ.