(අංජුල මහික වීරරත්න)
'පිටරට වල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ එදිනෙදා වියදම් සඳහා යැවිය යුතු ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ගැනීමට නොහැකි තත්වය යටතේ දහස් ගණනක් මාපියනට කලු කඩයෙන්(Black market) අධික මුදලට ඩොලර් ගැනීමට අද සිදුවී ඇතැයි'', එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
''විදේශගතව වසර කිහිපයක් අධ්‍යාපනය සම්පූර්ණ කළ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව කර ගෙන යා යුතු තත්ත්වය යටතේ මෙරට බැංකුවකින් ඩොලර් 25,000ක් වත් ගැනීමට නොහැකි වීම හේතුවෙන් දහස් ගණනක මාපියන් මෙලෙස අසරණ වී සිටිතැයි ද, රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
උද්ගතව තිබෙන ආර්ථික අහේනිය හමුවේ රජයට ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණකැයි රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ අද(29) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඩොලර් හිඟයක් තිබෙනවානම් ඩොලර් නැහැ තමයි. මොකද අපි අච්චු ගහන්න යැ ? ඕක තමයි අපි කියන්නේ පෞදලික විශ්වවිද්‍යාල ලංකාවේ ඇති කරන්න කියලා.
රනිල් සර්, මගේ ගානේ පෙට්‍රල් බෝතලයක් එවන්නම් ගිනි පෙට්ටියකුත් එක්ක. සර්ට තියෙන්නේ සර් ගාව තියෙන ඒවත් එක්ක එකතු කරලා තව ගිනි තියන එක...
කොතලාවල විශ්ව විද්‍යාලය දාන්න දෙන්නේ නැත්නම් , මිනිස්සු දරුවන් පිට රට වල යවල උගන්නන එක කමක් නැහැ ,ඩොලර් එකට රුපියල් පන්සියයක් අය කර ගන්න ඕනේ
බටහිර රටක විශ්වවිද්‍යාලයක උගන්වන ලාංකිකයෙක් හැටියට මම රනිල්ට කියන්න කැමතියි කොරෝනවලට පෙර ලංකාවේ, ඉන්දියාවේ වගේ මෙන්ම බොහෝ රටවලින් බටහිර රටවලට එන ගොඩක් සිසුන් මේ රටවල රැකියා කරලයි ඩොලර් හොයා ගත්තේ කියලා.මුල් වාරයට හෝ දෙකට පමණයි තමන්ගේ රටින් මුදල් එවන්නේ. කොරෝනා නිසා බොහෝ බටහිර විශ්වවිද්‍යාලවල මේ වනවිට අන්තර්ජාතික සිසුන් ඉන්නේ ඉතා අඩුවෙන්. ඕස්ට්‍රේලියාව එයට හොඳ උදාහරණයක්. අනික ඕස්ට්‍රේලියාව ඇතුලු ගොඩක් රටවල් මේ වෙලාවේ පිටරට සිසුන්ට එන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා රනිල් පොඩ්ඩක් තේ කෝප්පයේ කිඹුලන් පෙන්වනවා වගේ. ඒ වගේම අපේ රටේ දරුවන්ට රජයේ විශ්වවිද්‍යාලවල යන්න ලකුණු මදිනම්, ප්‍රමිතියකින් යුතු පුද්ගලික විශ්වවිද්‍යාල තිබිය යුතු මේ නිසයි. ACBT වගේ ඒවා ඕස්ට්‍රේලියානු උපාධිය දෙනවා. යම්කිසි මුදලක් පිටරටට යනවා නමුත් ළමයි ගෙවන්නේ රුපියල් වලින් ඒ වගේම ලංකාවටත් මුදලක් ලැබෙනවා.
මේ ළමයින් විදේශ රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවනවට විතරක් කැමති ජවිපෙ ,අන්තරේ,කුරුටු ගාමි කාලකන්නින්ගෙන් අහන්න මොනවද කරන්නේ කියල
අර මහ බැංකුව කඩපු දවස්වල තිබුණු ටික ඉවර වෙලාද?
තිබිච්ච ටික ඔහේ හොරකම් කරගත්තනේ...
දැන් කාලේ හොරකම් කිරීමම තමයි කරන්නේ... ඔන්න හොරෙක් කියාගෙන තමයි දුවන්නේ... නියමයි...
කලුකඩෙන් ගන්නවා කිව්වේ ඔයාගෙන්ද?
මීට පෙර පැවැති කිසිම ආණ්ඩුවකින් මේ තරම්ම විදේශ මුදල් කිසිවක් නැති තත්වයකට පත්වුනේ නෑ. යම යම් සීමාකම් යටතේ විදේශ මුදල් අවම වශයෙන් අධ්‍යාපන කටයුතුවලට වත් යවන්න හැකියාව තිබුණා. අධික ලෙස විදේශ ණය අරන් ඵලදායි නොවන කටයුතුවල ආයෝජනය කරමින් කිසිඳු ආදායමක් නොමැති තත්වයකට පත්කළා. ඒ නිසා ණය වාරික ගෙවන්නත් අධික විදේශ විනිමයක් වැයකරන්න සිදුවී තිබෙනවා. වාණිජ විදේශ ණය අධික පොලියට ගැනීමෙන් අධික පොලියක් ගෙවිීමට සිදුවීමෙන් ණය බර තවත් ඉහළ ගොස් ඇත. ආණ්ඩුවේ අකාර්යක්ෂම ආර්ථික කළමණාකරණය විදේශ මුදල් නොමැතිවීමට මූලික හේතුව වී ඇත...