(නිමල කොඩිතුවක්කු)
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් එක්සත් ජාතික පෙරමුණ තාවකාලිකව ලබන ජයග‍්‍රහණය ඉදිරි මහ මැතිවරණයේ දී ආපසු හරවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා කොළඹදී අද (14) පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමේ අරගලය ඇත්තේ තනතුරු වරප‍්‍රසාද සමඟ නොවන බැවින් විපක්ෂයේ භූමිකාව වුවද ගැටලූවකින් තොරව කරගෙන යා හැකි බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර මහතා මෙසේද කීවේය.
‘‘අධිකරණ තීන්දුවට අපි ගරු කරනවා. නමුත් අපේ මතය වුණේ මහ මැතිවරණයකට ගිහින් මේ පාර්ලිමේන්තුව තුළ ඔවුන්ට අවශ්‍ය නියෝජිතයන් පත් කරගන්න ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි කියලා. අධිකරණ තීන්දුවක් ලබාදීපු නිසා අපි එම තීන්දුව අභියෝග කරන්න යන්නේ නැහැ.
විපක්ෂනායක සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සංවිධානය කියනවා ඔවුන් රනිල් වික‍්‍රමසිංහ මහතාට සහයෝගය පළ කරනවා, නමුත් විපක්ෂයේ කණ්ඩායම විදියට වාඩි වෙනවා කියලා. මෙතනදී දෙමළ ජාතික සංවිධානය එක පැත්තක් තෝරා ගත යුතුයි.
ඔවුන් විපක්ෂයේ කාර්ය නම් කරන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාට මේ පාර්ලිමේන්තුවේ ඉතුරුවෙලා තියෙන්නේ 103යි. ටී. එන්. ඒ සංවිධානයේ සහයෝගය ගන්නවා නම් 117ක මන්ත‍්‍රීධුර සංඛ්‍යාවක් එක්ක ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඔවුන්ට තියෙනවා.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපේ කණ්ඩායමේ අරගලය තිබුණේ තනතුරු වරප‍්‍රසාද එක්ක නෙමෙයි. අපිට යම්කිසි බලයක් අහිමි වෙනවා නම් විපක්ෂයේ භූමිකාව කරන එක අපිට ගැටලූවක් නෙමෙයි.
ඡායාරූප - ඉෂාන් සංජිව

2025 දෙසැම්බර් මස 18
217
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
169
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
971
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘එජාපෙ තාවකාලිකව ලබන ජය මැතිවරණයේ දී ආපසු හරවනවා’