(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන කටයුතුවල නිරත වන අලුත් මුහුණු පළමු කණ්ඩායම හඳුන්වාදීම මේ මස 23 සහ 24 දෙදින සිදු කෙරේ.
සෞඛ්‍ය නීති රීති වලට අනුගත වන පරිදි පිරිස කැඳවා අලුත් මුහුණු හඳුන්වා දීම සිදු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වේ.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහා ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන,උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් ප්‍රමුඛ එජාප ජේෂ්ඨයන්ගේ මූලිකත්වයෙන් පක්ෂයේ අනාගත දේශපාලන නායකයින් තෝරා ගැනීම පසුගිය කාලය පුරාම සිදුවිය.
එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන පළමු කණ්ඩායම හඳුන්වා දීමෙන් පසු සති දෙකකට වරක් නව මුහුණු හඳුන්වා දීම සිදු කරන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
මේ දිනවල යල් පැනපු අවලං මුණු වෙනස් කිරීමට ප්ලාස්ටික් සැත්කම් සදහා ඉතා ඉහල ඉල්ලුමක් ඇති බව වාර්තාවේ...
අයියෝ..... මුණු වෙනසක් වෙනස් කරගන්න පුළුවන් ඒ ඒ දේශපාලුවන් තමන්ගේ ගම්බිම් වලට ගිහින් තම තමන් කරපු කැත වැඩ පිලිබදව මහජනතාව ඉදිරියේ භෞතිකවම පාපොච්චාරණයක් කරොත්...මෙය සියලුම දේශපාලුවන්ට අදාලය.
අනේ මහත්තයෝ ඔය මොන මූන ගෙනාවත් වැඩක් නැහැ අර උඩ තියන මූන අයින් කරන්නේ නැතුව
කලු ඇඳගෙන සුදු එනවෝ..ජරා දේශපාලනය
මම දන්නවා ඔ අළුත් මුහුණු පිළිබඳව.
මොන මුහුණු දැම්මත් එජාප ය ගොඩ ගැනීලි බොරැ රනිල් ඉන්න කන්... ගිය පාර චන්දෙන් හෝදල ඇරියෙ එක ආසන යක් දිනාගැනීමට බැරැව. සජිත්ට නායකත්වය දුන්නානම් එජාප ය අද වෙනකොට මහා කුලුනක් වගේ බැබළෙනවා.
රනිල් එජාප යේ ඉන්නකන් අනිත් ආණ්ඩුවට කිසිම බයක් නැහැ.
රනිල්ගෙයි,මහින්දගෙයි ඩබල් ගේම් තියෙන තාක් පක්ෂය ගොඩදාන්ඩ බැරි වෙයි .