(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ අද [ 24 ] රාත්‍රී පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ එකඟතාවකට එළඹ තිබේ .
එක්සත් ජාතික පක්ෂ සභාපති මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, උපනායක විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරුන් මෙම විශේෂ සාකච්ඡාව සඳහා සහභාගී වී තිබේ .
මෙහිදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය නම් තමා පක්ෂ නායකත්වයෙන් වුවද යාමට සූදානම් බව පැවසී යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සියලුම දෙනා එම තිර තීරණයට විරෝධය දැක්වූ බවත් පක්ෂ නායකත්වයේ රැඳී සිටිමින් ඉදිරියටත් පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යන ලෙස ජේෂ්ඨ නායකයන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඒ අනුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම්ට පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව පළ වී ඇති අතර අනිද්දා [ 26 ] පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම යෝජනාව සම්මත කිරීමට ද තීරණය කර තිබේ.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු යැයි එක්සත් ජාතික පෙර පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයන් ද මීට පෙර තීරණය කර තිබිණි.

COMMENTS
රටේ බහුතර ජනතාවගේ අපේක්ෂාව ඉටුවෙමින් පවතින බව පෙනෙනවා. ජය පතමි.
මාර වීර ක්‍රියාවක් කරලා සියලු සතුරන් පරදවල ජයගත්තු වීරයෙක් නිසා සියලු ඡන්ද ලැබෙනවා . හරියට අර බාහුබලි හින්දි පිචර් එකේ නළුවා වගේ. ඇස් අදහ ගන්නත් බැහැ. දැන් ඉතින් අර පසුගිය අවුරුදු හතරේම බුදියගෙන අයට එව්වට බැන බැන උන්නු පිරිසට මේ මහා විරය පසුපස්සෙන් ගිහින් රට කණපිට හරවන්න පුළුවනි.
අයියගෙන් මල්ලිට තාත්තා ගෙන් පුතාට. නගනන්දට හරි අනුරට අපගේ චන්දය.
ජයවේවා!!!
මම එක්සත් ජාතික පාක්ෂිකයෙක්, නමුත් මම සජිත්ට චන්දෙ දෙන්නේ නැ.
හා හා හා.... මයිත්රිපාල සිරිසේන ගේ නාටකය දෙවැනි කොටස තමා. වැඩි වෙනසක් පෙන්නේ නැ
වැඩ කරපු වැඩ කරන්න පුලුවන් නායකයෙක්. මැදමුලනේ ඇමරිකන් මහලු හාමූ සහ හිටපු හාමු යුගලය ඉවරෙටම ඉවරයි..
එය ප්‍රජාතාන්ත්‍රික තීරණයක් නම් බොහොම හොඳයි. දිනීම, පැරදීම සජිත් මහතාගේ ක්‍රියාවලියක්. මහා ජනයානේ ඡන්දෙ දෙන්නේ... කොයි පක්ෂය වුණත් ප්‍රජතන්ත්‍ර ක්‍රමයකට ක්‍රියාකළ යුතුයි.
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා!
සිරිසේන-2 රජ ගමනේ..
දළදා සමිඳු පිහිටයි.. දිනනවා ශුවර්...
ඒ කියන්නේ එන්නේ සාපෙළ නැති හාදයෙක්ද?
යූඑන්පී පරාජය සජිත්ගේ කරපිටට, ඔහොම යන්. ඔහොම යන්..
ඔබට ජය පතමි. ඉතින් හෙට දින පටන් අනිත් තරග කරුවන් මෙන් ලංකාව වටේ තියෙන දේවාල වටේ යන්නේ නැතිව, එක පන්සලකින් ආශීර්වාද ලබාගෙන, දුප්පත් ජනතාවගේ ගම්මානවලට යන්න නැති බැරි අය, ඇති හැකි අය කරන්න. නොපෙනන දෙවියන්ට වැඩිය කරුණාවන්ත එක නායකයෙක් හිටියොත් ජනතාවට. ජය සිකුරුයි... ඡන්ද පොරොන්දු කඩ නොකරන්න කොන්ද කෙලින් තියන්, කාටවත් කඩේයන්නේ නැතිව ජනතාවට සළකන්න හිතට ගන්න. එන හැම ණයකයටම බලය ගත්පසු අසරණ ජනතාවට වුණු පොරොන්දු අමතකයි. ඒ නිසා අද ඔවුන් බලය ඉල්ලන් දෙවියන් පස්සේ යනවා. ඔබගේ දෙවියන් ජනතාවයි, ජනතාව තමයි ඔබව රජ පුටුවට ගේන්නේ... එය අමතක නොකරන්න.
සජිත් යනු තවත් සිරිසේන කෙනෙකි. දැක්මක් නැහැ.
වැරදිලාවත් දිනුවොත්, සිරිසේන හොඳයි කියලා හිතෙයි...
අඩුම ගානේ සාමාන්‍ය පෙළ වත් පාස් වෙච්ච කෙනෙක්ව පත්කරන්න බැරි වුණාද?
එක්සත් ජාතික පක්ෂයේ මළගම සනිටුහන් කළ වග දැනුම් දෙමි...
මෙච්චර කල් තටම තටම හිටපු එජාපෙ බඩවිරේකයක් අරන් මළබද්දේ අවසන් කරගෙන...
අන්තිමේ මාධ්‍යය දිනුවා. එකපැත්තකින් මහින්ද යටවෙන කොට අනිත් පැත්තෙන් රනිල් යට වුණා. දැන් රජුන් තනන්නේ කිලි මහරාජයි, දිලිත් ජයවීරයි. ලංකාවේ මිනිස්සුන්ට අබ සරණයි..!
කුජීතයි... කම්කරුවන් හා සිකුරුටිලා ටික රෙඩිවෙන්ඩ...
අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත් මේ උදාර තීරණයට අපේ ආචාරය ! රනිල් මැතිතුමා බල ලෝභයෙන් පෙළෙන්නෙකු නොවන බව එතුමා පැහැදිලිවම පෙන්වාදී තිබෙනවා. එතුමා රාජපක්ෂ පවුල් සංස්ථාවට වඩා වෙනස් බව දැන් පේනවා. එජා පක්ෂයේ මෙන්ම එජා පෙරමුණ තුළත් ගැටුම් තිබේ යයි කියමින් උඩපනිමින් විකාර කළ විරුද්ධ පක්ෂ රංචුවට දැන් එල්ලෙන්න වැලක් හොයාගන්න වෙයි. නොවැම්බර් 16දා ජනාධිපතිවරණය විශිෂ්ට ලෙස ජයගැනීමට රටට ආදරය කරන හැමෝම දැන් සිටම එජා පෙරමුණ සමග අත්වැල් බැඳ සටනට සුදානම් විය යුතුවෙනවා.
රටේ රණවිරුවන් හිරේ දාද්දී, පල්ලිවල බෝම්බ පිපිරෙද්දී, බුදුපිළිම කඩද්දී, මහා බැංකුව හොරා කද්දී, විදේශ රටවල් අපේ රටේ වරායවල්, ගුවන් තොටුපළවල් තුට්ටු දෙකට කොල්ල කද්දී අවුරුදු පහක් තිස්සේ නිකන්ම නිකන් ඒ දිහාව බලාහිටපු මෙතුමා දැන් බැහැලා වැඩ කරලා ඒ දේවල් නවත්තයි නේද?
මේ සියල්ලම සැලසුම් සහගතව කරපු නාට්‍යයක්. පහුගිය අවුරුදු 4 ඇතුළත මේ කට්ටිය කරපු දේවල්වල හැටියට සිහිබුද්ධියක් තියෙන මනුස්සයෙක් නම් නැවත ඡන්දය දෙන්නේ නැහැ. ඒ නිසා ලොකූ සිද්ධි දාමයක් කෘතීමව නිර්මාණය කරලා ගත්තේ මිනිස්සුන්ගේ අවධානය ගන්න. පහුගිය හැම ජනාධිපතිවරණයකදීම මේ කට්ටිය ගෙනාවේ වැරදි පුද්ගලයා.. මේ වතාවේ කියලා කිසිම වෙනසක් නැහැ.
හැබැයි අගමැති ධුරය රනිල්ට දුන්නොත්, සජිත් වැටෙන්නේ සිරිසේන වැටුණු වලේමය. බුද්ධිමතුන් ලංකරගෙන රටගොඩ ගන්න.
ජයවේවා !
අඩුම තරමින් මෙයාවත් ළමයෙක්, බමයෙක් ඉන්න රටේ අනාගත පරම්පරාවක් ගැන හිතලා වැඩකරන කෙනෙක්ද? නැතිනම් අරයා වගේමද..?
අපේ රටේ ගොඩ නැගීගෙන එන ආර්ථිකයට නැවතත් අබ සරණයි.
නියමයි.ජනාධිපතිවරණයෙන් සජිත් පරාද වෙනවා.දිගටම රනිල් පක්ෂ නායකයා. නියම සැලසුම.
උස නම් සිකුරිටි මිටිනම් කම්කරු.රාජ්‍ය සේවයට බූදු සරණයි. ඔයිට වැඩිය හොඳයි බූරුවෙක් දැම්මනම්......
විශ්වාසද? එනකම් විශ්වාස නැහැ. ආවත් වැඩක් නැහැ.
රවී ගෙදර යවමු.
අවශ්‍ය නම් තමා පක්ෂ නායකත්වයෙන් වුවද යාමට සූදානම් බව කියකියා ඉන්නේ නැතුව ඔබතුමා ගියා නම් පක්ෂය ඒ අයගේ වැඩ බලා ගනීවිනේ...
හෙට සිට ටයර් මිල ඉහළ යනු ඇත.
බලන්න දෙයක් නැත. සජිත්ගෙ අවසානය.ගාමිණී දිසානායක මහත්තයට දුන්නු ගේමම සජිත්ටත් දෙනවා.ඡන්දෙන් පස්සේ බලන්නකෝ......2025 දීත් නායකයා රනිල් මහත්තයා.
මෙයා හරියන්නේ නෑ.
දැන් එතකොට රවී කරුණානායක, සරත් ෆොන්සේකාට, අකිල විරාජ්ට මොකද වෙන්නේ? සජිත්ට sir කියන්න වෙයිද?
එය එළෙසින්ම වුණා නම් රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් එයමයි. මේ තීරණය ගන්න බොහෝ ප්‍රමාද වුණා.
කවුරු පත්වුණත් ගෝඨා තමයි දිනන්නේ, මුස්ලිම් ඡන්ද සියයට 100ම ඔහුටයි.
අඩු ගානේ ඔවුන් කතා කරගෙන තීන්දු ගත්තා. එ්ත් අර වැලේවැල් නැති ඇමරිකන් පවුල පවුලේම කෙනෙක් දැම්මා, වහල්ලුත් ඉතින් හුරේ දානවා. ඔවුන්ට මොන ප්‍රජාතන්ත්‍රවාදද?
විශ්ෂ්ඨ තීරණයක්... දිවයිනෙන්ම වැඩි ඡන්ද ඔහුට හිමිවේවි...!!!
අවසාන සිංහල ජනාධිපති අපේක්ෂකයා ...
අන්තිමට අපොස සාපෙළ නැති කෙනෙක් අපේක්ෂක වුණා..
අගමැති පක්ෂ නායකත්වයේ තවදුරටත් රැඳීම එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනියි නේද? නායකයා තමන්ට අවශ්‍ය වේලාවට ව්‍යවස්ථාවට විරුද්ධ වුණාට ප්‍රශ්නයක් නැද්ද...?
අනේ මන්දා.. වෙන කවුරුත් ඇත්තෙම නැද්ද?
අයියෝ ඉවරයි.....
එහෙනම් තාත්ත වගේම පුතත් බලය යොදවලා බලය ගත්තා. හැබැයි බය තියෙන්නේ තාත්ත 88 බලය බලයෙන් අරන් 89 හාමුදුරුවරුන්ට වැඩේ දුන්නා වගේ පුතා 2019 බලය අරන් 2020 දි අර ඊයේ පෙරේදා තමුන් වෙනුවෙන් පාරට බැස්සුව හාමුදුරුවරු ටිකටම වැඩේ දෙයිද කියලා? මොකද සජිත්ගේ සපෝට මංගල කියන්නේ මේක සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා. එතකොට සජිත් ජනාධිපති වුනොත් මංගල එයාගේ සිහිනය සැබෑ කරගන්නවා. එදාටත් ඔය හාමුදුරුවරු එළියට බැස්සොත් කුරුඳු පොලු පාරෙන් තමයි පටන්ගන්නේ.
දේශපාලනය කෙසේවෙතත් ඔබගේ ඉවසීම, කැපවීම හා ඔබ එතෙක් මෙතෙක් මහජනතාවට සිදුකළ කාර්ය අප ඉතා අගයකොට සලකනවා. දැන් ඔබට, රටට සේවය කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. හොරුන් ඉවත්කර ඔබ සමග සේවය කළ හැකි මහජන සේවක පිරිසක් හැකි ඉක්මණින් බිහිකර ගැනීමේ ඔබගේ ඊළඟ ඉලක්කය විය යුතුය. ඔබට ජය හම්බන්තොට නිර්පාර්ශික අපි....
ජනතාව පෙරට, රට විකුණන බැංකු සොරුන්, සමනලුන් ගෙදරද?
දිනන අශ්වයා සජිත් තමයි. බහුතර කැමැත්ත දිනාගැනීම සඳහා අවශ්‍ය සාධක වන තරුණ ජවසම්පන්න බව, මුකරි බව හා සංවිධාන ශක්තිය සජිත් සතු නමුත් ලෝකය සමග ගණුදෙන කර රටතුළ පවතින අන්තවාදී ජාති ආගම් ප්‍රශ්න ඓතිහාසික සංස්කෘතික පැවැත්මේ ගෞරවය රැකගනිමින් සංහිඳායාවෙන් රට පාලනය කරමින් නවීන තාක්ෂණික දියුණුවට අනුකූල ආර්ථික දියුණුවකින් යුතු ශ්‍රී ලංකාවක ඉහළ සිට පහළටම පවතින දූෂණ නැතිකර කාටත් ඉන්න හිතෙන රටක් සඳහා අවශ්‍ය නීති හැදීමට සජිත්ට වඩා හැකියාවක් රනිල්ට ඇත... රණසිංහ ප්‍රේමදාස මහතා විනාශකළ එජාපය අද දිනන තත්වයට පත් කලේ රනිල්ය. ජේ.ආර්. රණසිංහ ප්‍රේමදාසට අපේක්ෂකත්වය දී දේශපාලනයෙන් සමුගත් අයුරු රනිල් සජිත්ට ජනපති අපේක්ෂකත්වය දී ඉවත්වෙන්න හිතුවත් රනිල්ගේ පරිණත දේශපාලන ඥාණයෙන් මෙන්ම රාජ්‍ය තන්ත්‍ර ඥාණයෙන් මේ රටට ලබාදිය යුතු මෙහෙවර අත්‍යාවශ්‍යම යුගයක පවතින බව මුළු රටම වටහාගෙන සජිත් දිනවා ඒ මෙහෙවර රටට ලබාදීමට උපක්‍රමශීලි වියයුතුමය. එජාපයට ජයවේවා! යහපාලනය ශක්තිමත් වේවා!! දුර්වල කම් මෙන්ම වටිනාකම් ඇති මිනිසුන් වන අපේ, දුර්වල කම් පාලනය වී වටිනාකම් ඉස්මතුවන යුගයක් කරා යාමට අවශ්‍ය ස්වයං පාලනය කා තුළත් ඇතිවේවා... !!!
උස නම් සිකුරිටි.මිටිනම් කම්කරු.ඔන්න රටක ජනාධිපති අපේක්ෂකයෙකුගේ තත්වේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලය කියන්නේ රනිල් ද ?
අන්ත පරාජයක් !
18% ප්‍රතිස්ථාපනය.ජනතා විමුක්ති පෙරමුණ 2% ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 14%
අයියෝ ඇපත් නැහැ.හැබැයි අරයට වඩානම් හොදයි.
ඇපත් නැතුව පරදින්නේ....
මේ යෝධයා කියන දේවල් කවුද පිළිගන්නේ? තොප්පිගල කැළයක් කියපු අයනේ......
සජිත් ආවත් මේ සැරේ නම් දිනන්න අමරුයි වගේ. ලබන සැරේ බලමු.
අනිවාර්යයෙන්ම මොහු දිනනවා.. හැබයි රනිල් ගාව ගත්තොත් නම් ඡන්ද ටිකක් අඩුවෙයි.
එ.ජා.ප.යට පරාජය , රනිල් සදහටම නායකයා ,සජිත් ගේ අවසානය , දක්ෂකමක් නැති නායකයෙකු සුදුස්සෙක් නෙවේ.
පුදුමයි සජිත් ඕන කියපු අය දැන් කෝ? ඇත්තම තමයි සජිත් අාවොත් රට කයි.
88 තාත්තා කරපු දේ 2019 දි පුතා කරා නේද? මම මේ කියන්නේ අර ජේ. ආර්.ව බය කරලා තමුන් නිතරඟයෙන් එන්නේ කියලා ගාමිණී සහ ඇතුලත්මුදලිව අයින් කරවපු එක. නැතුව 89 ගැන නෙවෙයි. ඒවා පස්සේ.
හැබැයි අකිල ලේකම් නිසා අන්තිම මොහොතේ හරි වැඩේ වන කරන්න බැරි නෑ හාමු. අලුත් පෙරමුණකින් ඉල්ලන්න..
ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමේදී "එජාපය පිළිගත් වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමටත්, ප්‍රතිපත්ති මාලාව එජාපය ප්‍රමුඛ සංධානය මඟින් සකස් කිරීමටත්, එජාපයේ අගමැති ධුරය ඇතුළු සියලු නිලතල වෙනස් නොකිරීමටත්" සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී ඇති බව ආරංචි වෙනවා. ඔහුගේ කණ්ඩායම විසින් ගෙනගිය කල්ලිවාදී වැඩ පිළිවෙල අනුව එජාපය දෙකඩවීමේ තර්ජනයකට මුහුණ දුන් බැවින් කරු ජයසූරිය මහතාගේ පරිත්‍යාගශීලී මැදිහත්වීමෙන්" සම්මුති සහගත සියළු පාර්ශවයින්ට සාධාරණය වන පරිදි" මෙවැනි විසඳුමකට පැමිණීමට ක්‍රියාකර ඇති බවයි කියන්නේ... මේ අනුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් "එජාපය පිළිගත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ බලය බෙදෙන නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට" ප්‍රේමදාස මහතා එකඟවී ඇති බවයි පෙනෙන්නේ. මේ අනුව "මෙතෙක් පැවැති එජාප අවුල අවසන් වන අතර කොන්දේසි සහිතව සජිත්ට අපේක්ෂත්වය ලැබෙන බවත් වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී විභවයක් සහිත පක්ෂය වන්නේත්, මිලිටරි පාලනයක් වැළැක්වීමට වඩාත්ම හැකියාවක් ඇත්තේත් එජාපයට නිසා එජාපය දුර්වල නොකර එහි ඇති ඒකාග්‍රතාවය රැකගැනීම සඳහා මෙවැනි තීරණයක් ගන්නා ලද බවත්" රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවද කියනවා...
සජිත් එන්නේ කාගේ කරපිටින්ද? මංගල, රිෂාඩ් බදුර්දීන්, දෙමල සන්ධානය යන අයගේ උදව්වෙන්. එතකොට සජිත්ට නටන්න වෙන්නේ කාගේ පදේටද? දෙමල සන්ධානය දැම්මම කියනවා ඒ ගොල්ලන්ට ෆෙඩරල් ඕනෙලු. මංගල කියනවා ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයිලු. රිෂාඩ් ගැන කව්ද නොදන්නේ? මංගල 2015 එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා ලංකාව ගැන මොනවද කිව්වේ? ගිය අවුරුදු 4 1/2 සිදුවුණු වැරදි ගැන සජිත් වචනයක්වත් කතා කෙරුවද?
වෙන අය නොදැන පරදිනවා. මෙයාල ඉල්ලන් කනවා.
මට ඇත්තටම හිතාගන්න බෑ ලංකාවේ මිනිස්සු ගැන. පුදුමාකාර ජාතියක්. 2015 ඉඳං ලංකාව පාලනය කරේ එජාප ආණ්ඩුවක්. අනික් පැත්තෙන් ජනාධිපති කියලා එකෙක් හිටියා... එජාප ආණ්ඩුව බලයට ආවා පුදුමාකාර පොරොන්දු තොගයක් දීලා. (මතක නැත්නම් එකක් දෙකක් මතක් කරන්නම්. පුංචි කාර්, ෆොක්ස්වැගන්, ෆ්‍රී වයිෆයි. රට 3න් ගුණයක සීඝ්‍ර සංවර්ධනය..) ඒ දේවල් කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව තුට්ටුවකට මායිම් නොකරපු ආණ්ඩුවක්. පහුගිය දශක 2,3 සැසඳුවොත් මෙච්චර කෙලවෙච්ච කාලයක් තවත් නැතුව ඇති. කොහොමටත් එජාප වහල්ලුන්ට ඕනේ තමුන්ගෙ එකා කොහොම හරි රජ කරවන්න. මම එක රැස්වීමකවත් දැක්කේ නෑ එජාපයේ එවුන් අපි රට දිනවන්න ඕනෑ කියන වචනේ කියනවා. එ් අය කියන්නේ අපි එජාපය දිනවන්න කටයුතු කරනවා කියලා. බුද්ධිමත් ඔබ ඔබේ ඡන්දය නාගාට දෙනවා වෙන්න පුලුවන්.., කමක් නෑ. ගෝඨාට දෙනවා වෙන්න පුලුවන්.., කමක් නෑ. අනුරට වෙන්න පුලුවන්......, ඒත් කමක් නෑ. හැබැයි මෙච්චර රටට කෙල වෙලා තියෙද්දිත් තාමත් ඡන්දෙ දෙන්න හිතං ඉන්නේ එජාපයට එකට නම් ඉතිං එතැනින් එහාට කතා කරන එකේ තේරුමක් නෑ.