(රංජන් කස්තුරි)
දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණට සහාය ලබාදෙන්නේ නම් කොන්දේසි සහිත ලිඛිත ගිවිසුමකට දෙපාර්ශවය එකඟවිය යුතු යැයි දෙමළ සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානය තීරණය කර තිබේ.
එම ලිඛිත ගිවිසුමට කොන්දේසි 5ක් ඇතුළත් විය යුතු බවද එක්සත් ජාතික පෙරමුණ ඊට එකඟ නොවන්නේ නම් සහාය ලබා නොදිය යුතු බවද ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව තීන්දු කළ බව එහි සාමාජික උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.
ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභාව ඊයේ (01) වව්නියාවේදී රැස්වී එම තීන්දුව ගත් බවද ඔහු කීය.
දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිව තිබෙන අතර සෙල්වම් අඩෙක්කලනාදන් සහ කේ. කෝතීස්වරන් එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි දේකට බය වෙන්න එපා... ඉල්ලන ඕනෑම දෙයක් දෙනවා. මේ වෙලාවේ බලය තමයි වැදගත්. කොන්දක් තියෙනවා නම් ගහන ගිවිසුම් හොරෙන් ගහන් නැතුව එළිපිට ජනතාවට ප්‍රසිද්ධ කළා නම් බොහොම වටිනවා...
අන්න හොඳයි ගිවිසුම අපිටත් පෙන්වන්න.
කොටින්ව එලවන්න ඕනේ තමිල්නාඩුවට!!
මුලදී ඔය නැටුම් හොරට නටන්න හිටියේ එජාපෙ එක්ක දැන් රටටම කියලා නටපන් මල්ලි...
මෙතෙක් කල් හොරෙන් කළදේ එළිපිට කරන්න හදන්නේ... ජනතාව අතර ත්‍රස්තවාදය වපුරන්නන් තමයි.