(අජන්ත කුමාර අගලකඩ)
පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට කිසිඳු වැඩපිළිවෙළක් නැතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.
එබැවින් පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පෙරමුණට සහාය දීමේ හැකියාවක් තමාට නැතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බවද රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් රැස්වීම අවසානයේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
රටේ උද්ගතව ඇති ප‍්‍රශ්නවලට හෝ අනාගතය සම්බන්ධයෙන් පොහොට්ටුව තුළ හෝ එජාප ආණ්ඩුව තුළ කිසිඳු වැඩපිළිවෙළක් පෙනෙන්නට නැතැයි ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇති බව දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇත්තද කියන්නේ ...
මෙයා දැන් කියන දේ පස්සේ කිවුවේ නෑ කියනවා.
මිදී තිත්තළු
හම්... එයාට තිබ්බ වැඩපිළිවෙල කියලා වැඩක් නැහැ...පත්තරෙන් දැක්ක හිටං වැඩපිළිවෙලට ජනතාව පස්වනක් ප්‍රීතියෙන් ඉන්නේ.. ඔබතුමාට සලකන්න ඡන්දයක් එනකම් ඉන්නේ.. අතදීපු හැමොටම පස්සෙන් අැන්නා නෙවැ...
වැඩපිළිවෙළක් තියන කෙනෙක් කිව්වා නම් දුක නැහැ. රටටවත් තමන්ටවත් වැඩකුත් නැති, පිළිවෙළකුත් නැති ඉතිහාසයේ අසරණතම පාලකයා මෛත්‍රීපාලයි.
මොකක්ද මේ දොඩවන්නේ?
මේ ආණ්ඩුව හොඳයි කියන්න බෑ. එක වෙනම කතාවක් නමුත් මෙයා බලයට අවේ එ.ජා.ප. ඡන්ද වලින් නමුත් එයාට ඒවා අමතක වුනා නේද ?
බොහොම ස්තුතියි....
මේ ආණ්ඩුවට කිසිම වැඩපිලිවෙලක් නෑ කියලා අපි දන්නවා. ඒ විතරක් නෙවෙයි ලංකාවේ පහලවුනු දුර්වලම ආණ්ඩුව කියලත් දන්නවා. ඒ වගෙම මොන පක්ෂයෙ වුණත් කිසිම දේශපාලකයෙක් කෙරෙහිවත් අපේ විශ්වාසයකුත් නෑ.
මෙතෙක් බිහිවූ දක්ෂතම පාලකයා නේ මේ කියන්නේ . මට නම් බය හිතෙනවා...
ඔබතුමාගේ සහය කිසිවෙකුට අවශ්‍ය නැත
පොළොවෙන් ආපු එක පොළවටම ඉක්මනට යයි....
ජනාධිපතිකම කෙසේවෙතත් පොළොන්නරුවෙන් මන්ත්‍රී කමක් නම් ස්තිරවම ගන්න පුළුවන්.
මෙයා මොනවා හරි කිය කිය ඡන්ද එකතු කරගන්ඩ බලනවා. වෙන්ඩ තියන දේ ලංකාවේ කිසිම පාලකයෙකුට නොවූනදේ වෙන්නේ මෙයාට. දුර්වල කම තේරුම් ගෙන ඉල්ලා අස්වෙනවනම් ?
රටේ සම්පත් ඔක්කොම විකිණිලා යනවා. මෙයා රැස්වීම් වල නිකම් බොරු පුරසාරම් කියා කියා යනවා. අන්තිමේදී තාමත් මෙයා දන්නෙ වත් නැතුව ඇති අර ගොල්ලෝ කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තෙත් විකුණගෙනත් ඉවරයි කියලා. අන්තිමට අපේ ඉදිරි පරම්පරාවේ දරුවන්ට තමන්ගේම රටේ කියල එකම ජාතික සම්පතක් වත් ඉතිරි වෙන්නේ නැති එක හරිම ඛේදවාචකයක්.
දෝෂාභියෝගයක් ගෙනාවානම් සහය බලන්න තිබුනා.
එක තමා මේ පක්ෂ දෙකටම කරන්න පුළුවන් ලොකුම උදව්ව
මෙන්න කතාවක් දෙනවා. ලංකාවේ තමයි වාර්තාගත නායකයෝ ඉන්නේ. එහෙන් හොඳම මුදල් ඇමති, එහෙන් හොඳම සුව ඇමති. දැන් හොඳම දක්ෂතම ජනාධිපති. කාටද ආඩම්බර.
වැඩ පිළිවෙලක් තියන කෙනෙක් ද මේ කියන්නේ. රටේ ජනතාව නුගත් පරපුරක් කියලා තවමත් හිතාගෙන ඉන්නේ .
නිදාගනිද්දී පැදුරෙන් වැටුනා කියලා කියන කතා නේ මේකත්. ඡන්ද පදනමක් තිබුනෙත් නැහැ, සහාය දෙන්නත්.
ඇත්ත නේන්නම් පොඩ්ඩක් දිව පැටලිලා. හරි දේනම් මොලේ කලඳක් හරි තියන කවුරුත් මෙයාව ගන්නේ නැහැ.
මේ තුන් ගොල්ලම වැඩක් නෑ මේද පාර අපි අලුත් කෙනෙන් වටා එකතු වෙනවා
එම පක්ෂ දෙකම ඔබතුමාගෙන් සහාය ඉල්ලුවද ?
හැකි ඉක්මනින් ජනාධිපති ඉල්ලා අස්විය යුතුය. මෙතුමාගේ වැඩ නිසා තමියි රටම අවුල්
දෙපැත්තටම නොව දැන්ම ගෙදර ගියොත් රටේ වාසනාව
මෙතුමාගේ සහාය ලැබෙන කවුරු වුනත් නිකම්ම පරාදයි.