ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී කඩුුලු 7 ක පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
වර්ෂව නිසා බාධා ඇතිවූ මෙම තරගය එක් පිලකට ඕවර 21 ක් දක්වා සීමා කෙරිණ.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත ඕවර 21 තුළදී කඩුුලු 9 ක් දැවී ලකුණු 151 ක් ලබාගත්තේය. එංගලන්ත කණ්ඩායම ඕවර 18.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 153 ක් ලබාගත්තේය
තරග 5 කින් සමන්විත තරගාවලියේදී එංගලන්ත කණ්ඩාය 2-0 ක් ලෙසින් ඉදිරියෙන් සිටී.
ඡායාරූප - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බැලුවා ඇති . අපේ අයගේ වැටුප් 50% න කප්පාදු කරන්න. ඊළඟ මැච් එකේදී අනාගත්තොත් අයෙත් 50% කපන්න. එතකොට මේ අය කියවී අපි යනවා කියලා. යන්න කියන්න. ඒ අය යන්නේ නැහැ - යන්න තැනක් නැහැ. ගමේ ගොඩේ ශක්තිමත් තරුණයින් 50 පුරුදු කරන්න. අවුරුදු 2න් උන් වැඩ පෙන්වාවි.
කමක් නැහැ පැරදුනාට. අපිට කොහොමත් පැරදිලා පුරුදුයිනේ.
ජය සහ පරාජය ක්‍රීඩාවකට හිමි, නමුත් හැමදාම පරදිනවානම් ඒක කොහොමද හැදින්වන්නේ ???
සුද්දා උන්ට ඕනේ විදියට තරගය වෙනස් කරගත්තා, දැන් පන්දු දෙකක් දෙපැත්තෙන් යවන හින්දා අපේ දඟ පන්දුයවන්නන්ට් හැමතිසේම අලුත් පන්දුවෙන් තමයි බෝල් කරන්න වෙලා තියෙන්නේ, මේක හින්දා දැන් අපිට ඉස්සර විදියට තරඟය මැදදි පාලනය කරන්න බැහැ , දැන් තියෙන්නේ ඒකට හැඩ ගැහිලා අලුත් ක්‍රමයකට සෙල්ලම් කරන්න.