
ඕක්ලන්ඩ් නුවරින්, එක් 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවීමත් සමඟ මුළු නවසීලන්තයම ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය උපදෙස් අනුව, එරට අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න් තීරණය කළාය.
ජනතාවගේ ජීවිතආරක්ෂා කර ගැනීමටත්, වයිරස ආසාදිතයන් හඳුනා ගනිමින් ව්‍යාප්තිය පාලනය කිරීමේත් අරමුණින් මෙම තීරණය ගත් බව අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවකදී පවසා තිබේ.
නවසීලන්තය මුළුමනින්ම දින 3 ක් ලොක්ඩවුන් වුවත්, ආසාදිතයන් හමුවුණු ඕක්ලන්ඩ් නුවර සහ එය අයත් කොරෝමැන්ඩෙල් අර්ධද්වීපය දින 3 ක් නොව දින 7 ක් තෙක් ලොක්ඩවුන් කිරීහට පියවර ගෙන තිබේ.
නව ආසාදිතයන් ලෙස හමුවූයේ ඩෙල්ටා විකෘතිය ආසාදිතයකු ද යන්න තවමත් තහවුරු වී නොමැති බව ද සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් අගමැතිනිය පවසා ඇත.
(රොයිටර්)
COMMENTS
දූරදර්ශී නායකයෙක්...
සුපිරි රටක්
අවුරුදු 70ක් තිස්සේ අපේත් පාලකයෝ මේක සංවර්ධිත රාජ්‍යයක් කරලා තිබ්බා නම් ඉතින් නවසීලන්තයේ වගේ වහගෙනම ඉන්න තිබ්බා. ලංකාව වගේ 3 වැනි ලෝකයේ අගාධයටම වැටිච්ච රටක්... නවසීලන්තය වගේ සුපිරි සංවර්ධිත රටක එ්ක සසඳන්න හිතන එකත් මෝඩ වැඩක්...
දූරදර්ශී නායකයෙක්... අපේ මී හරක් වගේ නෙවෙයි.
ඒ ගොල්ල දන්නේ මොනවද? අපේ සර්ගෙන් ඇහුවේ නැත්තේ ඇයි
මේක ශ්‍රී ලංකාව.... අනුන් කරන දේවල් අපිට ගැලපෙන්නේ නැහැ. අපි කරන්න ඕනේ රටට ගැලපෙන ක්‍රමයක්... එදා යුද්ධය ජයගත්තා වගේ...
මේ රට දවස් 3ක් නොව අවුරුදු 3ක් ලොක්ඩවුන් කරත් ඒ රටවලට ගොඩඒමට ආර්ථිකය ශක්තිමත්ය. එලෙසම ඒ රටේ වචනයේ අර්ථයෙන්ම පක්ෂ විපක්ෂවල සිටින්නේ දේශපාලඥයින්ය. එමෙන්ම පුරවැසියන්ද හික්මීමක්, විනයක් ඇති මිනිසුන්ය. අප රටේ ආර්ථිකය ගැන කීමට කිසිවක් නොමැත. "අප රටේ පක්ෂ විපක්ෂවල 100% ම සිටින්නේ කාලකන්නි දේශපාලුවන්ය". වෙනත් වචනවලින් පවසනවා නම් බලය ලබාගැනුමට මොවුන් නොකරන අපරාධයක් නොමැත. එලෙසම අප රටේ පුරවැසියන්ගේද කිසිඳු හික්මීමක්, විනීතකමක් නොමැත. එය සෞඛ්‍ය අංශ එපා එපා කියද්දීත් උත්සව, උද්ඝෝෂණ වලට එන මෝඩයින්ගේ හැසිරීමෙන් මනා ලෙස දැකගත හැක. එමෙන්ම තමන් වඳින දේශපාලුවන් කියන්නේ කුමක්ද? එය එලෙසම කිරීමට තරම් මුග්ධ ඡන්ද දායකයින් සිටීම ඉතාමත්ම අවාසනාවකි. මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව අප රටේ තිබෙන සියලුම කාලකන්නි පක්ෂවල ලොක්කන්ට මෙන්ම, සොක්කන්ටද කියැවීමට හැකි වේවා... මාගේ මාතෘභූමියට යහපතක්ම වේවා...!!!
මෙවන් උගත්, ජනහිතකාමී නායකයෝ පහළවෙන්නේ ජනතාවගේ වාසනාවට... මේ වගේ නායකයෝ දෙවියන් හා සමානයි.
අපි නම් තොණ්ඩමන්ගේ අවමගුල මහඉහළින් ගත්තා.., ඡන්ද තිබ්බා, අවුරුදු කෑවා, අපේ සර් නම් රට වහන්නේ නැහැ. රට ඇරගෙන අන්තිම පුරවැසියා දක්වා කොරෝනා සමග සටන් කරන්න අපේ සර් අණදුන්නා. ආසියාවේ පුටින් ඉන්නේ අපේ රටේ...