IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඌව ආණ්ඩුකාරවරයාගේ දියණිය බ්‍රිතාන්‍ය මැතිවරණයට තරග වදී

(ප්‍රසන්න පත්මසිරි)

 

ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. ඒම්. මුසම්මිල් මහතාගේ දියණිය වන ෂස්නා මුසම්මිල් මහත්මිය බ්‍රිතාන්‍යයේ මිල්ටන් කේන්ස් කවුන්සිලය සඳහා කොන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරමින් මාර්තු 6 වැනිදා පැවැත්වෙන මැතිවරණයට අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත්ව සිටීන්නීය.

එංගලන්තයේ මිල්ටන් කේන්ස් ප්‍රදේශයේ පදිංචි ෂස්නා, එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් එම්. බී. ඒ උපාධිය හා එරට විවෘත විශ්ව විද්‍යාලෙයන්  ඒම්. එස්. සී සංවර්ධන කළමනාකරණ උපාධිය හදාරා තිබේ.

ඇය ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන රැසක සමාජ සේවිකාවක ලෙස ද කටයුතු කළාය.

වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම  හා පදිංචිය සඳහා බ්‍රිතාන්‍යට ගිය ඇය විශ්ව විද්‍යාල කීපයක අධ්‍යාපනය හදාරනු ලැබුවාය.

පසුව සමාජ සේවා කටයුතුවල නිරතව සිටින අතරතුර ඇය බ්‍රිතාන්‍යය මැතිවරණය සඳහා අපේක්ෂිකාවක් ලෙස ඉදිපත්ව සිටින්නීය.



අදහස් (15)

ඌව ආණ්ඩුකාරවරයාගේ දියණිය බ්‍රිතාන්‍ය මැතිවරණයට තරග වදී

Nuwan Monday, 15 February 2021 09:02 AM

ලංකාවේ දේශපාලකයෝ ඔක්කොමගේ දරුවෝ පිටරටවල අහිංසක, දුප්පත් මිනිස්සුන්ගේ දරුවන් ගැන ඔවුන් කතා කිරීම විහිළුවක්...

:       1       96

AkilaMonday, 15 February 2021 09:50 AM

කීප දෙනෙක්ගේ දරුවෝ ලංකාවේ ඉන්නවා.. තට්ටු මාරුවට ඊළඟට රට කන්න බලාගෙන. ගඟ පලාගෙන කවුරු මතු කරන්න වේවිද දන්නේ නැහැ... එ් ගොල්ලන්ව ගොන්නුන්ගේ මතින් රජ පුටුවේ තියන්න.

:       6       74

දිලාන් Friday, 19 February 2021 06:44 PM

අනුන්ගේ දරුවෝ ගැන බලා ඉන්දෙද්දී... දරුවෝ නොමග තමයි යන්නේ... දැන්වත් අනුන්ගේ දරුවන්ට ඉරිසියා කර කර නොයිද තමන්ගේ නොමග යන දරුවන් ගැන බලාගත්තොත් නේද ලොක්කා හොඳ?

:       0       0

sharm warn Monday, 15 February 2021 10:46 AM

බ්‍රිතාන්‍යයත් හලාල් කරලා ගනියි. මේගොල්ලෝ ඒකට ලස්සනට වැඩ කරගෙන යනවනේ ලෝකෙ වටේටම..

:       11       41

NuwanMonday, 15 February 2021 11:18 AM

කරන්න දෙයක් නැහැ... කරලා ඉවරයි.

:       7       29

Dilshad Monday, 15 February 2021 11:22 AM

බ්‍රිතාන්‍ය වැසියන්, මුස්ලිම් අයට වැඩිය කැමැති නැහැ.

:       10       28

SasankaMonday, 15 February 2021 12:11 PM

ඔව් ඉතින් ගිය තැන විනාසෙනේ...!!! 

:       9       25

fairoos Monday, 15 February 2021 12:38 PM

සුබ පැතුම්... හැම දේටම ආගම තමයි හරහට හිටින්නේ. එ්ක තමයි ලංකාව තාම එකම තැනක තියෙන්නේ..

:       15       22

NuwanMonday, 15 February 2021 01:19 PM

ඒකත් එක හේතුවක් තමයි, මොකද අනිත් ආගම් වල කට්ටිය එක්ක එකට ඉන්න බැරි ගතියක් දැනෙන කට්ටිය නිසා පාස්කු දවසක සිය ගණනකට ජිවිත අහිමි වුණා. මතකද මන්දා..?

:       14       33

fairoosTuesday, 16 February 2021 08:28 AM

පාස්කු ප්‍රහාරයට ලංකාවේ ඉන්න මුස්ලිම් ජාතියම වගකියන්න ඕනෑ නැහැනේ...

:       2       3

chandima Monday, 15 February 2021 04:54 PM

මුසම්මිල් ඉස්සරහට බ්‍රිතාන්‍යය කියන විදිහට වැඩ කරයි. ඔන්න බොරුද බලන්න..?

:       0       2

Perera Monday, 15 February 2021 11:00 PM

පිටරටවල්වල උගත් අය දේශපාලන නායකයින් ලෙස තෝරාගන්නා විට ලංකාවේ නූගත් 08 පාස් නැති අයව නායකයෝ ලෙස පත්කර ගන්න ජාතියක් බවට පත්වෙලා...

:       1       3

Mije Tuesday, 16 February 2021 01:25 AM

දේශපාලකයන්ගේ දරුවෝ ඔක්කොම පිටරට.. අපේ අය හරක් වගේ කඩේ යනවා... අසරණ අපේ ළමයි දුක්විඳිනවා...

:       0       2

තසංක Tuesday, 16 February 2021 07:03 AM

මේ අතරේදී අපේ සමහර මුස්ලිම් සහෝදරවරු තමන්ගේ බිරිඳට, දියණියට ඔළුබක්කන් නටන්න පුරුදු කරනවා...

:       1       6

chinthana Friday, 19 February 2021 04:49 AM

මුහුණ වැහෙන ඇඳුම් මුකුත් නැහැ. එහෙමයි පිටරට මුස්ලිම් කාන්තාවන් ඉන්නේ. ලංකාවේ අයට තමයි අන්දන්න හදන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site