(දයාරත්න ඇඹෝගම)
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් අන්තර්ජාලය හරහා ලියාපදිංචි කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් අද(27) සිට ඉවත් වු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
ඉගැන්වීම් කටයුතු හැර සියලු බාහිර කටයුතුවලින් ඉවත්වීමට ගුරු හා විදුහල්පති සංගම් ගෙන ඇති තීරණය අනුව මෙම පියවර ගෙන ඇතැයි ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
“විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීම විභාග දෙපාර්තමේන්තුව විසින් කළ යුතු වුවත් විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු ද ගුරුවරුන් පිට පටවලා. උතුරු මැද පළාතේ ද සියලු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මේ වර්ජනයට සක්‍රීයව දායක වෙලා.
මේ ගැන අපි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වෙරයාට හා පලාත් අධ්යාලපන අධ්යතක්ෂවරුන්ට දැනුම් දුන්නා. මෙම ක්‍රියා මාර්ගය යටතේ ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු පමණක් කරනවා. අධ්‍යාපන බලධාරීන් කැඳවනවන කිසිම වැඩසටහනකට යන්නේ නැහැ. ඒවාගේම කුඩා තරග සඳහා ගුරුවරුන් සිසුන් රැගෙන යාමෙන්ද ඉවත් වෙනවා.
මේවන විටත් පාසල් වේලාවෙන් පසු සිසුන්ට ඉගැන්වීමේ වැඩසටහනද නවතා දමා තිබෙනවා. එසේම කිසිම රාජ්‍ය උත්සවයක්, තූර්යවාදක කණ්ඩායම් සදහා සිසුන් ඉදිරිපත් කිරීමට ගුරුවරුන් සහභාගී වන්නේ නැහැ. මෙවර අනුරාධපුර පැවැත්වෙන යෞවන ක්‍රීඩා උලෙළ සඳහා ජනාධිපති හා අගමැති සහභාගිවීමට නියමිතව තිබෙනවා. ඒ සඳහාද තූර්ය වාදක කණ්ඩායම් සමග යාමට ගුරුවරු ඉදිරිපත් වන්නේ නැහැ.
මෙම ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදුන්නේ නැතිනම්, ලබන මාසයේ දින 5ක වැඩ වර්ජනයක් කරනවා” යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මට සිරි.., ගුරාලා උඩ ගිය තරම්...
ගරු ජනාධිපතිතුමනි, මෙන්න මේ වගේ දරුවන්ව ප්‍රාණ ඇපයට ගන්න ගුරුවරුන්ගේ "ලියාපදිංචිය" සදහටම අවලංගු කරලා දාලා, අර අලුතින් බඳවාගත්ත උපාධිධාරීන්ගෙන් මේ පුරප්පාඩු ටික පුරවන්න ඔබතුමාට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා!!!
ඒත් කමක් නැහැ. ළමයින්ට අමතර පන්තිවල සහාය නැතිව ඉස්කෝල අධ්‍යාපනයෙන් පමණක් සාර්ථක ලෙස විභාග වලට පෙනී සිටින්නට ඉගැන්නුවාම හොඳටම ඇති. උපාධිදාරීන් ඕනෑතරම් ඉන්නවා. රැකියා සොයන... පාසල්වල ඉන්න සියලුම දෙමව්පියන් ඉතාම උනන්දුවෙන් එකතුවෙලා අරමුදල් හොයාගෙන ඔය කියන අමතර ක්‍රියාකාරකම් වලට සහයෝගය දක්වාවි... ටියුෂන් ගුරාලා ඉක්මණින්ම නැතිවේවි...!!! දෙමව්පියන්ට සෑහෙන මුදලක් ඉතිරිවේවි... විරැකියා උපාධිදාරින් හට නිසි පුහුණුව ලබාදී ඔය කරනවායි කියන අමතර වැඩ කොටස සාර්ථක ලෙස කරවාගන්න...
එක පැත්තකින් විතරක් මේ ගැන බලන්න එපා. පසුගිය රජයෙන් වැටුප් වැඩි කිරීමක් කරන්න ඉස්සෙල්ලා ගුරු වෘත්තියට ලැබුණේ සොච්චමක්. එයින් පස්සේ නැවත පොරොන්දුවක් දීලා, චක‍්‍රලේඛයකුත් නිකුත් කර තිබෙනවා යළි වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට. ඒක ඒ ආකාරයෙන් ඉෂ්ට කරන එකේ වැරැද්දක් මම දකින්නේ නැහැ. මොකද ළමයි ටික හරියට හැදෙන්න නම්, ගුරුවරු ටික හොඳ යහපත් ආර්ථික - සමාජ - මානසික තත්ත්වයකින් සිටිය යුතුමයි. ඒ දෙය අවබෝධ කරගන්නේ නැතිව, මෙතන ගොඩක් අය කියනවා වගේ ගුරුවරු, ළමයි ප‍්‍රාණ ඇපයට ගන්නවා. ගුරාලා ගිය උඩ, ගුරුවරු ටියුෂන් පන්ති කරනවා කියන එක අන්තිම වැරදියි. ගුරුවරුන්ට ටියුෂන් පන්ති කරන තත්ත්වයට වැඩකටයුතු සළස්වලා තියෙන්නේ මේ රටේ ඉහළ නිලධාරී පැලැන්තිය සහ දේශපාලකයින්. කරුණු කාරණා දන්නා අය දන්නවා ඇති... වෙනත් රටවල ගුරු වෘත්තිය කියන්නේ ඉහළ පිළිගැනීමක් හිමි රැකියාවක්. නමුත් අපේ රටේ? ඇතැම් ගුරුවරු සිටින බව ගුරු කුලයට කිසිසේත්ම නොගැලපෙන. නමුත් බහුතරය ඇත්තටම එහෙම නැහැ. ඒ අයත් අපි කොයිකවුරුත් වගේ එදාවේල සරි කරගෙන ජීවත් වෙන්න... ඒ එක්ක රටේ අනාගත පරම්පරාව හදන්න උදාර සේවයක් කරන පිරිසක්....
මැති අැමැතිගොල්ලන්ගේ වරප්‍රසාද වැඩි කරගන්න සල්ලි තියෙනවා නම් නම් ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්න බැරි මොකද?