(ඩයනා උදයංගනී , හසිත රංග ගුණතිලක සහ දසුන් රාජපක්ෂ)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) රාත්‍රීයේ නිකුත් කෙරිණි.
මෙවර උසස් පෙළ විභාගයට විෂයන් තුනක් සඳහා පෙනී සිටීමට අයදුම්කරුවන් 281,786 ක් සුදුසුකම් ලබා තිබුණි.
මෙම පිරිස අතරින් නව නිර්දේශය යටතේ අයදුම්කරුවන් 187,167 ක් ද , පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 94,619 ක් ද උසස් පෙළ විභාගයට පෙනී සිටියහ.
නිකුත් කෙරුණු ප්‍රතිඵල අනුව අයදුම්කරුවන් 181,126 ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා ඇත.
සමස්ථ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසී ලබා ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී . සනත් පූජිත මහතා ලංකාදීපයට ප්‍රකාශ කළේය.
මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 71 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල අත්හිටුවා තිබේ.
එම අපේක්ෂකයන් අතරින් නව නිර්දේශය යටතේ 42 ක් ද , පැරණි නිර්දේශය යටතේ 29 ක් ද විභාගයට පෙනී සිට ඇත.
උසස් පෙළ විභාගයට පෙනී සිටි සමස්ථ අපේක්ෂකයින් සංඛ්‍යාව 281,786 කි.
COMMENTS
2020 උසස් පෙළ ප්‍රතිඵල හෙට අනිවාර්යයෙන් එනවද?
2020 අපේ රිසාල්ට් දෙන්නෙ කවද්ද ????
2021 ප්‍රතිඑළ ඇවිත් ද?
2021(2022) උසස් පෙළ විභාග ප්‍රථිඵල නැවත සමීක්ෂණ පිළිබඳ දැනුවත් කරන්න