(***සුජිත් හේවාජුලිගේ සහ ***අංජුල මහික වීරරත්න)
උසාවි තීන්දුව ලැබෙනතුරු රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මේ සභාවට ගෙන ඒමට අවසර දිය නොහැකි යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවැසීය.
රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට හෙට ගෙන ඒමට කිසිසේත් නොහැකි බව කී කතානායකවරයා විපක්ෂය කුමන චෝදනාවක් කළත් තමා මේ සභාවේ අසාධාරණ තීන්දු ගෙන නැති බව ප්‍රකාශ කළේය.
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙන ඒමට අවසර දුන්නේ අධිකරණ තීන්දුවෙන් පසුව යැයිද ඔහු කීය
කතානායකවරයා මේ තීරණය ප්‍රකාශයට පත් කළේ සිරදඬුවම් නියමව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුගෙන් ඉලීමක් කළ අවස්ථාවේදීය.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී මෙසේද පැවැසීය.
‘‘රන්ජන් රාමනායක මහතාගේ ප්‍රශ්නය දැන් නැවතත් අධිකරණයට ගිහිල්ලා තියෙනවා. අපිට ඒ අතරතුර දැනුම් දීලා තියෙනවා දැනට තියෙන තත්ත්වය අනුව කටයුතු කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය එහෙමම තියෙනවා. ඒ තත්ත්වය වෙනස් වූ වහාම අපි දිය යුතු තීරණය ලබා දෙනවා.
උසාවි තීන්දු අවසන් කරනතුරු රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට ගේන්න බැහැ. ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඉඩ දුන්නේ උසාවි තීන්දුවෙන් පසුවයි. ඔබතුමාලා මොනවා කිව්වත් අපි අසාධාරණ තීන්දු මෙතන අරගෙන නැහැ යැයිද කතානායකවරයා කීවේය.
COMMENTS
එහෙනම්, අර කව්ද එක්කෙනෙක්ව මිනීමැරුම් දඬුවම විඳිමින් සිටිනා විට ගෙනාවේ.
එතකොට අර එක මිනීමරුවෙක් පාර්ලිමේන්තු එන්නේ? ඒ කොහොමද? එක රටක්.. එක නීතියක්..
එක රටක් නීති ගොඩක්... 69 ලක්ෂය දැන් යනවා ඇත්තේ හොම්බෙන් වෙන්න ඇති.
වැරැදිවලට හිරේ වැටෙන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු එන්න ක්‍රමයක් හදා ගන්නයි මේ හදන්නේ... නීතියක්, සාදාරණයක් නැත... මෙයාව ගෙන්වනවාට එක මන්ත්‍රී වරයෙක් විරුද්ධ වෙන්නේ නැහැ.
මිනී මැරුව අයට සත්ගුණවත් චොකා මහත්මයා... අයත් වෙන්නේ දේශප්‍රේමී පිළට, එතුමාට පාර්ලිමේන්තු එන්න පුළුවන්. ලංකාව කියන්නේ කෝටි ගාණක් හොරකම් කළ, මහබැංකු හොරු නිදැල්ලේ ජීවත් වන පොල්ගෙඩිය හොරකම් කළ මනුස්සයා හිරේ යන රටක්.