(මුදිතා දයානන්ද)
මේ වසරේ ජූනි මාසයේ දී පවත්වන ලද ගුරු තරග විභාගයෙන් සමත් වූ උපාධිධාරීන් 587 දෙදෙනකුට ගුරු පත්වීම් ප්රදානය කිරිම කොළඹ පදනම් ආයතනයේ දී අද (2) සිදු කෙරිණි.
ජනාධිපතිවරයා කොළඹ පදනම් ආයතනයේ අද (2) පැවති බස්නාහිර පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්රදානෝත්සවය අමතමින් මෙසේ පැවසීය.
''ඉතිහාසයේ සිටි සංස්කෘතික දරුවා වෙනුවට දැන් සිටින්නේ තාක්ෂණික දරුවෙක් වන නිසා ගුරුවරුන් ද නව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ විය යුතුයි. අද ඉන්නේ අපේ කුඩා කාලයේ දී සිටි සංස්කෘතික දරුවා නෙවෙයි. තාක්ෂණික දරුවෙක්. ඒ නිසා ඔවුන්ට ඔබ ප්රශ්න ඉදිරිපත් කරනවාට වඩා ඔවුන් ඔබට ප්රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ කාලයේ ජංගම දුරකථන තිබුණේ නැහැ. රූපවාහිනී නැහැ. අන්තර්ජාලය අපි දැකලා නැහැ. විදුලිය නැහැ. අපි වැඩ කළේ කුප්පිලාම්පුවෙන්. එහෙත් දැන් දරුවෝ මේ සියල්ල හොඳින් පරිහරණය කරනවා. ඔවුන් ත්රීජි, ෆෝජී ගැන තමයි කතා කරන්නේ. මේවාගේ ඇසුරක් සහිත තාක්ෂණික දරුවා ඔබට අභියෝගයක් වෙන්න පුළුවන්. ඒකට ඔබ සූදානම් විය යුතුයි. ආණ්ඩුකාර මේ ගුරුවරු ආමන්ත්රණය කළේ ගුරුමෑණිවරු පියවරු කියලා. ඔබ විවාහ වුණත් නැතත් දැන් ඔබට දරුවන් පිරිසක් ලැබී තිබෙනවා. ඒ දරුවන්ගේ වගකීම තිබෙන්නේ ඔබේ අතේ. ඔවුන්ගේ නැණස පැදීම, යහපත් පුරවැසියන් කිරිමේ වගකීම ඉටු කරනවා කියන්නේ උතුම් කාර්යයක්. ඒ භාග්යවන්තකම පිංවන්තකම ලැබී තිබෙන්නේ ඔබට පමණයි.
අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවෝ. රාජ්ය සේවයේ හා අනෙකුත් වෘත්තීන්වල නියැලෙන්නන්ගෙන් 70% පමණ කාන්තාවෝ. කාන්තාවන් අඩුවෙන්ම නියෝජනය කරන ක්ෂේත්රය තමයි දේශපාලනය. දේශපාලන ක්ෂේත්රයට කාන්තාවන් එන්න හැදුවත් කාන්තාවන්ගෙන්ම ඒකට සහයක් ලැබෙන්නේ නැහැ.
ගුරුවරුන් විදිහට ඔබ කරන්නේ උතුම් රස්සාවක්. ලෝකයේ උතුම්ම රැකියා ලෙස සළකන රැකියා අතර තමයි ගුරු වෘත්තීය පවතින්නේ. සමාජයට යහපත් මානුෂීය ගුණාංග සහිත දරුවෙක් බිහිකිරිම මොන තරම් උතුම් ක්රියාවක්ද? දරුවා විෂය ප්රවීණයකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන්, සදාචාරවත් දරුවකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත්විය යුතුයි."
ඡායාරූප - ඉෂාන් සංජිව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුකීකාරයෙක් ළඟ තියාගෙන ගුරුවරුන්ට කියනවා. ළමයින්ට හරියට උගන්වලා සමාජය ගොඩ නංවන්න කියලා...
අනේ !! කෙළවරක ඉඳන් බලාගෙන ඉන්නේ. ගුරුවරුන්ටත් පුටුවල හැටි කියලා දෙන්න වෙන්න ඇති? රටේ ඉන්න හොරුන්ගෙන් ටිකක් වටේම තියාගෙන ඉන්නේ...
මේ පත්වීම් ලබා ගන්නා අය අතුරින් කීදෙනෙක් තුළ ගුරු භූමිකාවට අදාල ආකල්ප තියේද? අද ගුරු වෘත්තිය බොහොම පහළට වැටිලා. ගුරුවරයෙක් සතුවිය යුත්තේ පන්ති පොත ඉගැන්වීම පමණක් නොවෙයි. සමාජය තුළ යහපත් ආකල්ප ගොඩ නැංවීම ගුරුවරයෙක් සතු බරපතල වගකීමක් බව මේ අය වටහාගත යුතුයි.
දාහතර දහසකට විභාග තියලා පන්සීයක් බඳවා ගත්තා. කොහොමද විභාග ගාස්තු කියලා දාහ ගානේ එකතු කරලා ගහපු ගැහිල්ල
'අනේ සකෝ බල ලෝ ' කිරියාවෙන් වසලයෙක් . ගුරුන්ට උපදෙස් දෙන කවටයෙක් . තව ටික දවසයි . ගෙදරම යන්න පුළුවන් . ජනතාව සදාචාරය හොදින් හදුනනවා . අපේ ගමේ මිනුස්සු එකතු වෙලා ඇලට ඒ දණ්ඩක් හැදුවා . මෙතුමා ජනපති කමෙන් යන්නට ඉස්සරින් ඒක විවුර්ත්ත කරව ගන්න පුළුවන් වෙයිද ?
සමහර මුහුණු දකිනකොට මට හිතෙන්නේ,'සීතලට ගුලිවෙලා ඉදල චන්ද උණුසුමට ඇහැරලා'වගේ,