
(රංජිත් රාජපක්ෂ)
ජනතා විමුක්ති පෙරමුණ මගින් හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (08) පැවැත් වු උද්ඝෝෂණයක් විසුරුවා හැර එම උද්ඝෝෂණය සංවිධානය කළ ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ මන්ත්‍රි මංජුල සුරවිර ආරච්චි මහතා ඇතුළු එම පක්ෂයේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය කියයි.
අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිම සහ පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත කොතලාවල පනතට එරෙහිව එම පක්ෂයේ සමාජිකයෝ හැටන් ඔරලෝසු කණුව ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.
උද්ඝෝෂකයන් අතරට පැමිණි හැටන් පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.බි.පලිපාන මහතා උද්ඝෝෂකයන් හමුවේ කියා සිටියේ උද්ඝෝෂණ පැවැත්විම රටේ තහනම් කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත මෙම උද්ඝෝෂනය පැවැත්විමට ඉඩ ලබා දිය නොහැකි බවයි.
දෙපාර්ශවය අතර ඇති වු උණුසුම් තත්ත්වයත් සමග ජනතා විමුක්ති පෙරමුණේ උද්ඝෝෂනය සංවිධානය කල මංජුල සුරවිර ආරච්චි මහතා , සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උප ලේකම් තමිල් සෙල්වි මෙනවිය , කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් වන ජයරත්න , කපිල බණ්ඩාර යන සිව්දෙනා හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණින.
ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ව හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව එම පක්ෂයේ සමාජිකයන් කියා සිටියේ තම පක්ෂයේ සමාජිකයන් අත්අඩංගුවට ගැනිමෙන් තමන් අධෛර්යට පත් නොවන බවත්, ඉදිරියේදි මෙවැනි අණ පනත් සහ දුෂණ වංචා වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නැගි සිටින බවයි.
අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන්ව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසිය.





2025 නොවැම්බර් මස 21
163
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
234
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1104
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
උද්ඝෝෂණය කළැයි අඹගමුව ප්‍ර.ස.මන්ත්‍රීවරයෙක් ඇතුළු 4 ක් අත්අඩංගුවට