
ශ්රී ලංකාවේ උතුරු පළාතේ ඉදි කිරීමට නියමිත කුඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළ බවත් ඒ අනුව නියමිත පරිදි අදාළ ව්‍යාපෘතිය හිමි කරගත් බවත් චීනයේ සිනෝ සෝර් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
උතුරු පළාතේ ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් දූපත්වල මෙම කුඩා විදුලි බලාගාර ව්‍යාපෘතිය ඉදි කිරීමට නියමිත අතර ඒ සඳහා නියමිත ටෙන්ඩර් පටිපාටිය යටතේ ව්‍යාපෘතිය හිමි කරගත් බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය චීන සමාගමකට ලබාදීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් තෙවැනි පාර්ශව අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවත් එවැනි චෝදනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වයට සහ ප්‍රතිරූපයට ද හානි වනු ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ. එවැනි අසත්‍ය ප්‍රකාශ සහ චෝදනා හේතුවෙන් විදේශ ආයෝජකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කරගැනීමේ ක්‍රියාවලියට ද බාධා එල්ල වනු ඇතැයි එහි සඳහන් ය.
ඉකුත් රජය 2015 වසරේ සැප්තැම්බර් මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවට මෙම දූපත්වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ණය යෝජනාවක් ඉදිරිපත් කළ බවත් ආසියානු සංවර්ධන බැංකුව ඊට අනුමැතිය දුන් බවත් එහි සඳහන් ය.
ඒ අනුව 2017 වසරේ නොවැම්බර් මාසයේදී මේ ව්‍යාපෘතියට අදාළව දැන්වීම් පළ කළ බවත් ඉකුත් ජනවාරි මාසයේදී ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමි වී බවත් අදාළ නිවේදනයේ සඳහන් ය.
මෙම ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කෙරෙන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවත් ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසුව එය ලංකා විදුලිබල මණ්ඩලයට පවරන බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් ය.
055
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උතුරේ විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් චීන සමාගමට
නන්නාදුනන හාදයා Monday, 22 February 2021 05:17 PM
විදුලිබල මණ්ඩලයට පවරලා මදි. වැඩේ අවසන් වූ වහාම චීන්නු ලංකාවෙන් යා යුතුයි. දැනටමත් මෙහෙ පවුල් වෙන්න පටන් අරන්. මේ විදිහට ගියොත් තව අවුරුදු 10න් මේ රට චීනයක් වේවි... ඒ වගේම කොළඹ අවට තැන් තැන්වල ඇති චීන අකුරින් ලියූ බෝඩ් කඩා දැමිය යුතුයි. මේ රටේ භාවිතා වන්නේ භාෂා 3 යි. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පමණයි. චීන්නු දැනටමත් හිතාගෙන ඉන්නේ මේ රට මේ රටේ හොර දේශපාලුවන් විසින් ඒ අයට විකුණලා කියලා. සිංහල මිනිස්සුන්ට දවසක තර්ජනයක් වෙන්නේ දෙමළ මනුස්සයාගෙන් වත් මුස්ලිම් මනුස්සයාගෙන්වත් නොවෙයි.. මේ හොර චීන්නුන්ගෙනුයි... ඉන්දියන් කල්ලතෝනින්ගෙනුයි. එදාට සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කෝම එකතුවෙලා චීනාටයි ඉන්දියන් කාරයාටයි පහර දෙමු...