IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


උතුරු මැදට වතුර දෙන්න ගිය ඉහළ ඇළහැර ඇළේ වැඩ අතරමඟ

(කාංචන කුමාර ආරියදාස සහ ඉන්දික අරුණ කුමාර)

මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතට ජලය රැගෙන යාමට යෝජිත ඇළ මාර්ගයේ ඉදිකිරීම්වල අඩුපාඩු හා  ක්‍රමවත්ව කඩිනමින්  ඉදිකිරීම් නොකිරීම නිසා කොන්ත්‍රාත් සමාගම ඉවත් කිරීම නිසා එම ව්‍යාපෘතියේ කටයුතු අතරමඟ නතර වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

රුපියල් මිලියන 65000ක වියදමින් ඉදිකිරීමට යෝජිත මෙම ඇළ මාර්ගයෙන් මොරගහකන්දේ සිට මහකනදරාව වැව දක්වා ජලය රැගෙන යාම සඳහා කිලෝ මීටර් 95ක් දිගින් යුත් මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු 2020 වසරේ අවසන් වීමට නියමිතව තිබුණි.

මේ වන විට එම  කොන්ත්‍රාත් සමාගම් සේවකයනට පඩිනඬි ගෙවා ගැනීමට නොහැකිව නිසා  ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය ඉදිකිරීම් සඳහා ගෙනා යකඩ   කපා පරණ යකඩවලට අලෙවි කරන බව  මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය බාර  ව්‍යාපෘති ඉංජිනේරු ඩී .එම්  විජේරත්න මහතා පවසයි.

ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය හිටපු  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුල්ගල තබන ලදි.

උතුරුමැද පළාතේ ගොවි  පවුල් අසූ දහසකට පමණ සෙත සැලසීම් සඳහා  මොරගහකන්ද සහ කළු ගඟ ජලාශ හරහා ජලය සැපයීම මෙම ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ අරමුණවී තිබිණි.

මෙම ව්‍යාපෘතිය අතරමඟ නවතා  දැමීම හේතුවෙන් ඇලහැර කලාපයේ වන සතුන්ගේ ජීවිත  දැඩි අනතුරකට පත්වීමේ අවදානමක් පවතින බව ඇලහැර අඩවි වන නිලධාරී ඩබ්ලිව්.ඩි.බණ්ඩාරනායක මහතා පැවසීය.

වනජීවි කලාප මැදින් මෙම ඇළ මාර්ගයය උමං මාර්ගයක් ලෙස ඉදි කරමින් පැවති අතර ඇතැම් ස්ථානවල අඩි තිහක පමණ ගැඹුරු ඇල හාරා ඒවායේ වතුර පිරී තිබෙන අයුරු අපහට දැක ගැනීමට හැකි විය.

ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කළ බව මහවැලි අධිකාරිය කියයි.

මොරගහකන්ද කළු ගඟ ජලාශ  හා ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩි.එම්. විජේරත්න මහතාගෙන් විමසීමේදී මෙසේ කියා සිටියේය ඉදිකිරීම් කොන්ත්‍රාත් සමාගම මේ වන විට ගිවිසුම් උල්ලංඝනය කර  ඇති නිසා  කොන්ත්‍රාත් සමාගම ඉවත් කිරීමට සිදු වුණා.

ඔවුන්ගේ සියලු ඉදිකිරීම් උපකරණ එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසත් ඔවුන් රැගෙන විත් තිබූ යාන වාහන පමණක් මහවැලි අධිකාරිය බාරයේ රඳවා ගැනීමට පියවර ගත් බවද සඳහන් කළේය.

(ඡායාරූප ඉන්දික අරුණ කුමාර)

 

(ඡායාරූප කාංචන කුමාර ආරියදාස)



අදහස් (1)

උතුරු මැදට වතුර දෙන්න ගිය ඉහළ ඇළහැර ඇළේ වැඩ අතරමඟ

Binkunndaa Monday, 26 July 2021 11:55 PM

දැන් සැපද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 166 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site