(ලක්ෂ්මී ජයකොඩි)

ශ්‍රී ලංකා ආණ්ඩු විසින් මෙරට දෙමළ කාන්තාවන්ට එරෙහිව සිදු කළ බව කියන අසාධාරණයන්ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් උතුරු නැගෙනහිර පළාත් කාන්තා හා සිවිල් සංවිධානවල කාන්තාවෝ අද (8) යාපනය නල්ලුර්හිදි තීපන්ද පෝරාට්ටම් හෙවත් පන්දම්  විරෝධතාවයක් පැවැත්වුහ.

මෙම විරෝතාවය පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි ඉල්ලමින් මේවනවිට දින ගණනාවක් තිස්සේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු විසින් ආරම්භ කර ඇති  මාරාන්තික උපවාසය පැවැත්වෙන ස්ථානයේදීය.

දෙමළ ජනතාවගේ ඉල්ලීම් දෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අවධානය යොමු කළ යුතු යැයි මෙහිදි විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

මෙම විරෝධතාවයට ආගමික පුජකවරුන් මෙන්ම දේශපාලඥයින්ද එක්ව සහභාගී වුහ.