
(රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරළ ගංජා උතුරු පළාතට බෙදාහැරීමේ කටයුතුවල නිරත වූ ප්‍රධාන ජාවාරම්කරුවන් තිදෙනෙකු වවුනියාව යුදහමුදා බුද්ධිඅංශය හා පොලිස් විශේෂකාර්ය බලකා බුද්ධි අංශය එක්ව වවුනියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ 24, 28 හා 32 යන වයස්හි පසුවන, වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයේ සහයෙනි.
සැකකරුවන් සුඛෝපභෝගී මෝටර් රථයක් සහ කුඩා ලොරි රථයකින් කිලිනොච්චියේ සිට ගංජා බෙදාහරිමින් පැමිණ ඇති අතර වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ ස්ථානයකට කේරළ ගංජා බෙදාහැරීමට ගත් උත්සහයකදී හදීසි සෝදිසි වැටලීමක් කර ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී කේරළ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, කුඩා ලොරි රථයේ රියදුරු හා සුඛෝපභොගී කාර්රථයේ පැමිණි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් හා කේරළ ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පූවර්සන්කුලම් පොලීසිය වෙතට භාර දීමට යුදහමුදා බුද්ධි අංශ නිලධාරීහු කටයුතු කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd