IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


‘උකුස්සාගේ ‘ වැඩිදුර වාර්තාවක් කැඳවයි : ළඟ තබාගත් දෙදෙනාට ඇප

( කේ .  බුද්ධික කුමාරසිරි)
 
මීගොඩ නාවලමුල්ල කනත්ත පාර ප්‍රදේශයේ සත්ව ගොවිපලක් තුල ආරක්ෂිත පක්ෂියෙකු ලෙස සැලකෙන ‘කුසඇලි මුහුදු උකුස්සෙකු” කූඩුවක සිර කර තබා ගැනීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය මගින් එම රාජාලියා සිරකර ගෙන සිටි බවට සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවෙකු සහ එම පක්ෂියා අද  (31) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය නියෝග කළාය
 
තවද අතුරුගිරිය පොලිසිය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ‘කුසඇලි මුහුදු උකුස්සා‘ දෙහිවල සත්වෝද්‍යාන වෙත ඉදිරිපත් කර එම සත්ව්‍යා ආරක්ෂිත සත්වයෙක් ද යන්න වැඩිදුර වාර්තාවක් ගෙන එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද පොලිසියට නියෝග කළාය.
 
මෙහිදී විත්තිකරු වෙනුවෙන් කරුණු දැක් වූ නීතිඥ සුදත් වික්‍රමරත්න මහතා අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් දක්වා සිටියේ පොලිසිය මගින් වනජීවී පනතේ 31 - 2 යටතේ ආරක්ෂිත සත්වයෙකු ලෙස  නම් කර ඇති මෙම සත්වයා  කුස ඇලි  මුහුදු උකුස්සෙකු නොව ‘බඩවත සුදු  මුහුදු  රාජාලියා”  යන්නයි.
 
මෙම සත්වයා ළඟ තබා ගැනීම වරදක්  ලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණත් අප රටේ නීතිය අනුව ආරක්ෂිත සත්වයෙකු ලෙස සැලකෙන්නේ ‘රතෝදර රාජාලියා” පමණක් වෙන බැවින් මෙම ‘සුදුබෙලි රාජාලියෙකු” ළග තබා ගැනීම වරදක් නොවන බව නීතීඥවරයා එහිදී අධිකරණයට දැන්වීය.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම දෙසැම්බර් මස 02 දින දක්වා කල් තැබුණි



අදහස් (5)

‘උකුස්සාගේ ‘ වැඩිදුර වාර්තාවක් කැඳවයි : ළඟ තබාගත් දෙදෙනාට ඇප

eresh S kumara Friday, 31 July 2020 09:45 AM

උකුස්සාට මරණ දඬුවම... අයිතිකරු නිදොස්කොට නිදහස්..

:       61       79

Asanga Friday, 31 July 2020 10:28 AM

එතකොට මොන නීතිපොතේද තහනම් කියලා තියෙන්නේ? මොකද සතෙක් මරලා දානවට වඩා පිනක් නේද ඇතිකිරීම...? අපේ රටේ නීති සංශෝධනය විය යුතු කාලයයි මේ..

:       49       14

sam Friday, 31 July 2020 11:07 AM

සතුන් දුක්විඳීම හරිද? මිනිස්සුන්ගේ වැඩවලට...

:       0       70

lanka Friday, 31 July 2020 11:48 AM

දැන් මේ සතා ආරක්ෂිතද, නැද්ද කියන එකද ප්‍රශ්නය...? නැත්නම් මේ සතා කුඩු ප්‍රවාහනය සඳහා ළඟ තබා ගත්තද කියන එකද ප්‍රශ්නය...?

:       13       39

විජිත් Friday, 31 July 2020 03:57 PM

මම හිතන්නේ, මේ " හාදයාට " වඩා පරෙවියන් ප්‍රවාහන මාධ්‍යයන් ලෙස මිනිසා යොදාගෙන තියෙනවා. ප්‍රංශයේ, එංගලන්තයේ, බෙල්ජියමේ.. ඉස්සර රහසිගත ලියුම් ප්‍රවාහනය කරන්නටත් යොදාගෙන තිබෙනවා. ඒ ගොල්ලෝ නියම තැනට ඒ ලියුම ගෙනිහින් දෙනවාලු. ඒ වුණාට මෙයා පරෙවියට වඩා ශක්තිමත් නිසා" වැඩි බරක් "ප්‍රවාහනය කරන්න හැකියාව ඇති. මම අහලා තියෙන හැටියට පුරුදු කළොත් ඕනෑම නීතිවිරෝධී වැඩක් කරන්න පුළුවන් තව "පොරක්"ඉන්නවා. ඒ තමයි.. කපුටා. ඉස්සර.. මගේ ගමේ මීගමුවේ හිටපු හොඳට පුරුදු කරපු කපුටෙක් නිල් පාට රුපියලේ කොළ දැක්ක ගමන් උදුරාගෙන යනවාලු. උදුරාගෙන පියඹලා ගිහින් එයාගේ අයිති කාරයාට දෙනවලු. මේ කපුටු හොරා ඉඳලා තියෙන්නේ පරණ මාළු කඩේ පැත්තෙලු.. මිනිස්සු මාළු අරන් ගෙවන්න සල්ලි ගනිද්දී.. උඩ ඉඳලා ඇවිත් නිල් පාට කොළය පමණක් උදුරාගෙන පියඹනවාලු. අන්තිමට පොලිසියෙන් කපුටාගේ අයිතිකාරයාව අල්ලාගත්තාලු. ඔය හොරකම් නිසා කපුටු මිතුරාව ගෙවල් වල ඇතිකරන්න තහනම්ලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 590 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 503 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site