
(සටහන සහ ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඊළඟ ජනාධිපතිවරණයට විපක්ෂය වෙනුවෙන් අනිවාර්යෙන්ම ඉදිරිපත් වියයුත්තේ පොදු අපේක්ෂකයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා අද(28) පැවසීය.
නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ, කොළඹ කොල්ලුපිටියේ පිහිටි ‘ගාමිණි දිසානායක පදනමේ’ ප්‍රධාන කාර්යාලයේ අද (28) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
ඒ අනුව, ඊළඟ ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපක් කිරීම වෙනුවෙන්, විපක්ෂයේ සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන සමග එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බව දිසානායක මහතා සඳහන් කළේය.
පක්ෂයේ ප්‍රතිසංවිධානය පක්ෂ නායකත්වයේ සිටම පහළට සිදුවිය යුතුව තිබුණත් එසේ නොවීම ගැන තමන් කනගාටුවන බවත් නවීන් දිසානායක මහතා තවදුරටත් පැවසීය.
මෙතෙක් දැරූ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් තමා ඉවත්වෙන බව ද ඒ මහතා කියාසිටියේය.
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අර්ජුන රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


COMMENTS
ඒ පාර රනිල්ට ඔලුබක්කෙක් දාලා ගේන්නද යන්නේ?
ඔහේලගේ කුජීත කල්කිරියාව නිසා තමයි 69 ලක්ෂයක් මිනිස්සු ආයෙත් හොරුන්ට අහුවුණේ...!!!
සරත් ෆොන්සේකාව දාන්න.
පොදු අපේක්ෂකයා රනිල් මිස වෙන කවුරුද?
පොදු අපේක්ෂකයා අනුර දිසානායක වගෙ කෙනෙක් වුණොත් තමයි වටින්නේ.
මිනිස්සු 300ක් විතර මැරුණු බෝම්බ ප්‍රහාරයේ උණුසුම මැකෙන්නත් පෙර ඔයා දාපු අවඥා සහගත හිනාව දැක්කාම ඡන්දෙ දෙන්න නෙවෙයි..., ඉන්න පැත්තවත් බලන්න හිතෙන්නේ නැහැ.
2015 දිත් ගෙනාවේ පොදු අපේක්ෂකයෙක් නෙමෙයිද? එයා කරේ පොදු වැඩ නොවෙයි, එයාගේ පක්ෂෙ වැඩ විතරයි.
කවුරු දැම්මත්, ඔයා වගේ අයව නම් දමන්නේ නැහැ.
අපොයි, අර්ජුනව දැක්කාම පවු කියලා හිතෙනවා. දේශපාලනේට ඇවිත් කොලේ ඉරාගත්ත තවත් කෙනෙක්... ජෙනරාල්තුමා වගේම තමයි. යන එන මං නැහැ. අනාථයි. කොහොම ඉන්න තිබුණු කෙනෙක්ද?
ඔන්න අවුරුදු 4ක් තියෙද්දීම කකුලෙන් අදින්න පටන්ගත්තා. ඉතින් දිනයිද?
නවීන්, සජිත් එක්ක හිටියා නම් අද මස් කෑල්ලක් එක්ක බත් ටිකක් කනවා. රනිල් එක්ක ඉඳලා කන්න වෙන්න කරවල තමයි.
ඕන දෙයක්...!!! හැබැයි වැඩක් නැහැ.
පාඨලි හොඳයිනේ...
මෛත්‍රී සර් මේ දවස්වල කලකිරිලා ඉන්නේ... මෛත්‍රී සර් පොදු අපේක්ෂකයා විදියට දැම්මොත් ආයිත් පාරක් දිනන්න පුළුවන්....
අනේ මහත්තයෝ අපි නම් දැන් බලන්නේ එන ජනාධිපතිවරණය වෙනකම් ජීවත් වෙන්නේ කොහොමද කියලයි...
ඇමක් දීලා දෙමළ ඡන්ද බාගන්න වගේ යන්නේ...
ජෝන් අමරතුංග මහතා තමයි අපේ එකම බලාපොරොත්තුව...!!!
මැතිවරණ දිනන්න පොදු අපේක්ෂකයෙක් දමලා දිනුවට පසුව ඒ පොරොන්දු වැඩ පිළිවෙල වෙනස් කරන එකයි ප්රශ්නය. පසුගිය වතාවෙත් වුනේ ඒකයි. මෛත්‍රීපාල මහතා ඇමට දැම්මට එක්සත් ජාතික පක්ෂය ජනතාවට දුන් පොරොන්දු අමතක කර කැඳවා මෛත්‍රීපාල මහතා උත්සාහ කළා. නමුත් එජාපය ඊට හරස් වුණා. ඒ වතාවේ ජනතාව ඡන්දෙ දුන්නා වැඩ පිළිවෙලකට... ඒක වැරදුණු නිසා වැඩපිළිවෙළ අමතක කරලා පුද්ගලයෙක්ට ඡන්දෙ දුන්නා.
බොරුවට මහන්සි වෙන්න එපා සුදු මහත්තයෝ... අපිට මේ තියන විදිය හොඳයි. මාරු කරන්න මහන්සි වෙන එකේ තේරුමක් තිබේද? මහා විශාල ගස් යට ගොඩක් වෙලාවට සරු ගස් හැදෙන්නේ නෑ...
පක්ෂ 02ම එපා... ජනතා බලවේගයක් හදමු.
විපක්ෂයට විතරක් නොවේ... රටටම වෙන අපේක්ෂකයෙක් ඕනෑ.. රාජපක්ෂලා ඇති.
රට කරන්න ඔය කියන ජනාධිපතියි, අර කියන ඇමති මණ්ඩලයයි ඕනෑමද? ඔය සුදුසුකම් නැති මිනිස්සු ටිකක් ඕක අස්සට දාගෙන සංවර්ධනය ගැන දවල් හීන දකිනවට වඩා නරකද අලුත්ම සිස්ටම් එකක් ගැන හිතුවොත්...
පොදු අපේක්ෂකයාව පඹයාට තියාගෙන ගේම ගෙනියන්නේ රනිල් නම්... මිනිස්සු ආපහු රැවටෙන එකක් නැහැ. පොදු අපේක්සකයා පව්. අලුත් සෙල්ලමක්ද මෙයාලගේ...?