මොසැම්බික් රාජ්‍යයේ උතුරු දිග ගම්මානයක වැසියන් 52 දෙනකු ඉස්ලාමීය කැරළි කරුවන් විසින් ඝාතනය කර ඇතැයි එරට පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තරුණයින් පිරිසකි.
ඉස්ලාම් සංවිධානයට සම්බන්දවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මොවුන් ඝාතනය කර තිබේ. ඝාතනයන් සිදුව ඇත්තේ මොසැම්බික් හි ගෑස් කර්මාන්තශාලා පිහිටා ඇති කාබෝ ඩෙල්ගාඩෝ පළාතේ මුයිඩුම්බේ දිස්ත්‍රික්කයේ ෂිටැක්සි නම් ගම්මානයේ ය.
එම පළාතේ ගැටුම් පවතින නමුත් කැරළි කරුවන්ගේ පාලනයට යටත් වූ ප්‍රදේශයක් නොවන බව පොලිස් අණදෙන නිළධාරී බර්නාඩිනෝ රෆායෙල් පවසයි. කෙසේ වුවද පසුගිය කාළයේ ප්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය වී ඇති බවද ඔහු පවසයි.
ආරක්ෂක අංශ පවසන්නේ කැරළිකරුවන් විසින් වරින් වර නගර, ගම් හෝ රජයේ ගොඩනැගිලි අල්ලාගෙන සිටින බවයි.
සති දෙකකට පමණ පෙර සිදුව ඇති මෙම ඝාතනයන් සම්බන්ද තොරතුරු මොසැම්බික් ආරක්ෂක අංශ විසින් අණාවරණය කරන ලද්දේ අද(22) දිනයේ දී ය.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ට නේද ඊයේ පෙරේදා ටීවී එකෙන් අහින්සකයි කීවේ
මේ ගෝත්‍රික ඇදහිලි ක්‍රමය මුළු ලෝකෙටම පිළිලයක් වෙලා!
අනිත් වෛරසෙත් ආපහු වැඩ පටන්ගෙන වගේ...