IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ඉස්ලාම් උගන්වන්න දෙමළ පාසල් දුන් විදුහල්පතිවරුන්ට එරෙහි විමර්ශන

(එෆ්.අස්ලම්)
 
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට නොදන්වමින් නීතිවිරෝධි අන්දමින් ඉරානයේ ඉස්ලාම් විශ්වවිද්‍යාලයක් මගින් සිදුකරන උපාධි පාඨමාලා සඳහා පාසල් ලබාදුන් ඌව පළාතේ ප්‍රධාන පෙළේ දෙමළ විද්‍යාල හතරක විදුහල්පතිවරුන් සිව් දෙනෙකුට එරෙහිව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
 
බදුල්ල සරස්වතී ජාතික පාසල, පස්සර දෙමළ මහා විදුහල යන මධ්‍යම රජයේ ජාතික පාසල් සහ හපුතලේ සහ බණ්ඩාරවෙල දෙමළ විදුහල්වල විදුහල්පතිවරුන්ට එරෙහිව ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතාගේ නියෝග මත මෙම විමර්ශනය සිදුකරන බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ඉරානයේ අල් මුස්තෆා නැමති මූලධර්මවාදී ඉස්ලාම් සරසවියක් විසින් වතුකරයේ මෙම උපාධි පාඨමාලාව ඉකුත් වසරේ මැයි මස 21 වනදින ආරම්භ කර තිබෙන බවත් මේ සදහා එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.අරවින්ද කුමාර් මූලික වී ඇති බවත් මන්ත්‍රීවරයාගේ අවශ්‍යතාව පරිදි මෙකී පාඨමාලාව සිදුකර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ඉස්ලාම් මව්ලවිවරයාගේ විරෝධය මැද බවත් මේ වන විට සිදුකර ඇති විමර්ශනවලින් හෙළිවී තිබේ.
 
එමෙන්ම මෙම පාඨමාලාව සිදුකිරීම සඳහා ඉරානයේ දේශකවරුන් ද මෙරටට ගෙන්වා දී තිබෙන බවත් මෙම පාඨමාලාව මෙරට සාම්ප්‍රදායික  මුස්ලිම් ජනතාවට නොගැලපෙන ඔවුන්ගේ මතවාදයන් හා විශ්වාසයන්ට පටහැනි බවට ඉස්ලාම් ආගමික ප්‍රධානීන්ද විරෝධතා ඇති බවද අනාවරණය වී තිබේ.
 
මීට අමතරව බුද්ධි අංශ විසින් සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම විදුහල්පතිවරුන් සිව්දෙනා පෞද්ගලික නිවාඩු ගනිමින් ඉරාන විශ්ව විද්‍යාලයේ වියදමින් පසුගිය මස 10 වනදා  එරට සංචාරයක ද නිරත වී සිට ඇතැයිද වාර්තා වේ.
 
මෙම පාඨමාලාව වතුකරයේ තරුණ තරුණියන් 600ක් පමණ හදාරන බවත් ඒ අතරින් 500කට අධික පරිසක් වතුකරයේ දෙමළ හා කතෝලිකයින් බවත් මෙය අන්තවාදී මූලධර්මවාදී මතවාදයන්ට අනුකූලව අල්කුරාණය වෙනස් අයුරින් උගන්වන බවත් ඉරාන දේශපාලනය ද ඊට ඇතුළත් කර ඇති බවත් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා කළ විමසුමකදී සදහන් කර සිටියේය.



අදහස් (4)

ඉස්ලාම් උගන්වන්න දෙමළ පාසල් දුන් විදුහල්පතිවරුන්ට එරෙහි විමර්ශන

Asanka Wednesday, 08 May 2019 10:09 AM

මෙන්න එනවා දෙවෙනි කොටස , සරත් ෆොන්සේකා මහතා කල තක්සේරුව නිවැරදියි , මේක මාස 2න් ඉවර වෙන වැඩක් නොවේ , අපේ කපටි නායකයෝ අපිව රවට්ටන්න එහෙම කීවට මේ භයානක වහබ්වාදය වැළඳ ගත්ත විශාල තරුණ තරුණියෝ ප්‍රමාණයක් රට පුරා ඉන්නවා උපදෙස් ලැබෙනකන් , විශාල ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් අවශ්‍යයි , මොකද මොවුන්ගේ ඔලු නැවත ශෝධනය කරන්න බැහැ, කොටි ත්‍රස්තවාදීන්ගේ වගේ ,

:       102       463

du Wednesday, 08 May 2019 12:28 PM

පුනරුත්ථාපන වැඩසටහන් වහා අරම්භ විය යුතුයි.

:       1       219

SARATH Wednesday, 08 May 2019 01:20 PM

කුරානයේ තියෙන අනිත් ආගම් නොපිළිගන්නා, අනිත් ආගම්වල අය විනාශ කරන මතවාද ලංකාවේ තහනම් කළයුතුයි. උලමාවරුන්ගේ අදහස පළමුවෙනියෙන්ම අවශ්‍යයි. ඔව් එම මතයේම සිටි නම් තත්වය භයානකයි. මෙහි වෙසෙන සාම්ප්‍රදායික කිතුනු, හින්දු, බොදුනු කිසිවෙකු ආගම් වෙනුවෙන් ගහමරා ගත්තේ නැත. ඉස්ලාම් අයට එහෙම වුවමනාවක් ඇතිද? නැතිද? යන්න උලමාවරු හෝ සාම්ප්‍රදායික අහිංසක මුස්ලිම්වරුන් තීරණය කළයුතුය. අපිට ආගමක් වෙනුවෙන් හෝ කිසිම ආකාරයකින් වෙන ජීවිතයක් මරන්න අපේ ආගමික නායකයින් උපදෙස් දී නැත...!

:       12       412

Gamini Wednesday, 08 May 2019 08:35 PM

මෙයට මුලික වී ඇති අයට ගන්නා පියවර කුමක්ද? ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත වටහා ගැනීමට මෙය හොඳම උදාහරණයකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1502 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1340 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 477 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site