(ඉන්දිකා රාමනායක)
ආබාධිත රණවිරුවන්ගේ ගැටලු විසදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (17) විශේෂ කැබිනට් පත්‍රිකාවක් අත්සන් කර ඇති බවත් ඒ වෙනුවෙන් සුළු කාලයක් ඉවසිලිවන්තව කටයුතු කරන ලෙසත් හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (18) ආබාධිත රණවිරු නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.
හමුදාපතිවරයා රණවිරු නියෝජිතයන් තිදෙනකු යුද හමුදා මූලස්ථානයට කැඳවා ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසු මේ බව සඳහන් කර තිබේ.
තමන් ද රණබිමේ දී තුවාල ලැබූ නිලධාරියෙකු බවත් එම තුවාල වලින් පීඩා වින්ද බවත් තමන් රණවිරුවන් ගැන දැඩි සැලකිල්ලක් දක්වන බවත් හමුදාපතිවරයා කියා සිටියේය.
හමුදාපතිවරයා වශයෙන් තමන් යුද හමුදාවේ සියලුම සාමාජිකයින්ට තමන්ට හැකි උපරිමයෙන් සාධාරණයක් ඉටුකිරීමට කටයුතු කරන බවද හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය.
COMMENTS
ස්තුතියි හමුදාපතිතුමනි...!!
කාලාන්තරයකට පස්සේ අපිට අපේ හමුදාපති කෙනෙක් ලැබුණා. ඔබතුමාට දීර්ඝායුෂ...!!!
හමුදාපතිතුමා ආබාධිත රණවිරුවන් හමුවීම ඉතා හොඳයි.
කවුරු මොන කයිවාරු ගැහුවත් හමුදාවේ අයට සැලකුවේ සිරිසේන ජනාධිපතිතුමා විතරයි. රජෙක් කියාගත්තු කෙනෙක් එවකට හමුදාපති සරත් ෆොන්සේකාගේ තනතුරු නැතිකරලා ඒ මනුස්සයාගේ පඩියත් නැතිකරාට පස්සේ මේ මනුස්සයා තමයි ඒවා හදලා දුන්නේ. 2009 යුද්ධය ඉවර වෙලා 2015 වෙනකනුත් බලේ හිටපු පවුල් පාලකයා හමුදාවට සලකපු විදිය තමයි මේ... අන්තිමට මෙතුමාම තමයි මේ ප්‍රශ්නයත් විසඳන්න කටයුතු කළේ..
මහත්මයෝ ආබාධිත රණවිරුවන් ඉවසන්නම බැරි නිසයි උද්ඝෝෂණ කරන්නේ... රණබිමේ මිය ගියා නම් ලොකු උත්සවයක් පවත්වලා අවසාන කටයුතු කරලා නිකන් ඉන්න තිබුණා නේද? ආබාධිත රණවිරුවන්ට යැපෙන්න ක්‍රමයක් සලසා දුන්නොත් හොඳ නැද්ද? මාධ්‍යයට පෙන්වන්න අර සේරුගන්න පැමිණි රණවිරුවත් උද්ඝෝෂණයට සහභාගි වෙනවද?
හමුදා ප්‍රධානියා මෙම රණවිරුවන් මුණගැසීම අප අගය කරන්නෙමු. එය තමයි විය යුත්තේ.. රිලව් 225ම ඕනෑ එපාකම් පැයෙන් දෙකෙන් කරගන්න පුලුවන් නම් ඔවුන්ට අැයි මේ රට බේරාගත් මේ රට වෙනුවෙන් තමන්ගේ ජිවිත, අවයව කැපකළ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඉක්මණින් නොකරන්නේ යන්න අපට නම් පුදුමයකි. ඔය 225ම ඔතන දැන් උඩ පණ එන කෑමොර දෙන්නේ සියලු සම්පත් විඳින්නෙත් මේ රණවිරුවන් ජීවිත පූජාකර ලබාදුන් නිදහසින් නොවේද යන රැල 225ම අප අසන්නෙමු..
මේ රණවිරුවන් ඉල්ලන්නේ මොනවද කියලා හරියටම තේරුමක් මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට නැහැ.
ශවේන්ද්‍ර අයියේ, ඔයා හැමදාම යුදබිමේ හිටපු කෙනෙක්... ඔයා දන්නවා මේ අයගේ ජීවිතවල සැබෑ වටිනාකම... ඔයා වත් මේ ගොල්ලන්ට යහපතක් කරන්න.
අපි දන්නා විදියට අබාධිත රණවිරුවන්ට ඔය කියන තරම් නොසැලකීමක් සිදුවෙන්නේ නැහැ. මේ පිටුපස හිඳිමින් ඔවුන්ව මේ ලෙස කුපිත කරවන්නේ වෙනින් කව්රුත් නොවෙයි. අවස්ථාවාදී සාටකයින්ගේ සමාගමයි. සාටකයන් බලන්නේ මේවා මාර්ගයෙන් රජය අපහසුතාවයට පත්කරවන්නයි.