ඉරානයේ නාවුක හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර එල්ල කරන ලද මිසයිලයක් ඔවුන්ගේම නෞකාවකට වැදීමෙන් නැවියන් 19 දෙනකු මියගොස් තවත් 15 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ඕමාන් ගල්ෆ් කළාපයේ හෝම්ස් සමුද්‍ර සංධිය අසලදී මෙම අනතුර සිදුව තිබේ.
මෙය ප්‍රමාදදෝශයක් හේතුවෙන් සිදුවූවක් බවත් ජැමරන් නම් නෞකාවේ සිට එල්ල කරන ලද මිසයිලයක් කොනරක් නම් සැහැල්ලු ආධාරක නෞකාවකට වැදී ඇති බවත් ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසයි.
ඉරානයේ නාවුක හමුදාව දිනපතා මෙවැනි අභ්‍යාස පවත්වයි.
(බීබීසී ඇසුරිණි - 085)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරානයේ නාවික හමුදා අභ්‍යාසයකදී මිසයිල ප්‍රහාරයකින් නැවියන් 19ක් මරුට : 15කට තුවාල
Kumar Monday, 11 May 2020 03:41 PM
මෙකෙන් පෙනීයන්නේ ඉරානයට ඉලක්කයට මිසෛලයක් යවන්න බැරි වගයි.
vidya Monday, 11 May 2020 05:14 PM
අපේ වික්ටර් අයිය කීවා බයිබලයේ මේ ලෝකයේ වෙන සෑම දෙයක්ම සඳහන් කරලා තියනවා කියල . මේ අහස්කුරු අත් හදා බලන්න ගිහින් බැරි වෙලාවත් වැරදිලා හරි ඊශ්‍රාලෙට වැටුනොත් තුන් වන ලෝක යුද්දය දැන්මම පටන් ගනීවි. ඔය රටවල මිනිස් අයිතිවාසිකම් කියල කිසි දෙයක් නැහැ . මිනිස්සු මැරෙන්නේ සතුන් මැරෙන ගානට .
SamanTuesday, 12 May 2020 04:34 AM
ඔව්, හැමදේම ගල්යුගයේ තියෙන පොතක තියෙනවා කියලා තමයි කිව්වේ... එ්කනේ ලෝකේ පැතලියි කියපු ගල්යුගයේ පොතට පැතලි නැහැ.. එ්ක ගෝලාකාරයි කියපු මනුෂ්‍යත්වය හිරේ දැම්මේ...
Saman Tuesday, 12 May 2020 04:41 AM
ඉරානය කියන්නේ වසර 40 ක් අඛණ්ඩව දැඩි ආර්ථික සම්බාධක යටතේ ජීවත්වන රාජ්‍යයක්... අනිත් එක මිසලයක් වැරදුණා කියලා ඒ මිනිස්සු පසු බහින්නේ නැහැ. ඊයේ පෙරේදා සම්බාධක යටතේ තමන්ගේම රටේ අමුද්‍රව්‍ය යොදාගෙන තමන් විසින්ම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගතකළ රටක් තමයි ඉරානය කියන්නේ... මේ ගණයට අයත් රටවල ඉතාම සුලබයි... ඔය අනිත් රටවල් 8ම සම්බාධක නැතිව ඉගෙන ඔය වැඩේ කරපු රටවල් තමයි තියෙන්නේ... 2015 වසරේදීද කොහෙද ලෝකයේ නව නිෂ්පාදනවලට පේටන්ට් බලපත්‍ර ලබාගත් වැඩිම රට බවට පත්වුණේ ඉරානයයි. එ්කයි ඔය කුපාඩි බටහිර රටවල් මේ රටට මේ තරම් බය... මොකද ඉරානය ස්වශක්තියෙන් ඉදිරියට එනවට මේ රටවල් බයයි. එ්කනේ අර අරාබි රටවලට අත දිගඇරලා උදව් කරනවා. ඉරානයට කෙනෙහිලිකම් කරනවා...