IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම්

(ඩයනා උදයංගනී)

රට පුරා ඉන්ධනහල් අවට ඊයේ පස්වරුවේ සිට  දීර්ඝ පෝලිම් දක්නට ලැබිණි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමත් සමග ඉන්ධන හිගයක් ඇතිවෙතැයි ජනතාව බියවීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇත.  

ඉන්ධන පිරවුම්හල වෙත පැමිණෙන ජනතාව වාහනවලට සහ වෙනත් භාජනවලට ද ඉන්ධන ලබාගන්නා අයුරු දක්නට ලැබිණි.

මේ හේතුවෙන් ඇතැම් ඉන්ධනහල්වල තොග අවසන් වූ බව ද වාර්තා විය.

(ඡායාරූප: ලසන්ත නිරෝෂණ පෙරේරා)


 

(ඡායාරූප: රොහාන් සී ප්‍රේමතිලක)


(ඡායාරූප: ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)


(ඡායාරූප: තුසිත කුමාර ද සිල්වා)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (6)

ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම්

Hafeel Tuesday, 16 November 2021 12:26 PM

පොහොර නොමිලේ දෙනවයි කිව්වා. මුදලටවත් පොහොර නැහැ. දැන් තෙල්, ගෑස් මෙහම ගියොත්......

:       5       14

Bamunuarachchi Tuesday, 16 November 2021 01:00 PM

මේවගේ අමන රැලක් ලෝකේ වෙන කොහෙද ඉන්නේ?

:       9       12

බද්රානි Tuesday, 16 November 2021 02:09 PM

ඉතාම සුන්දර දර්ශනයක්. දේශීය ගොන් කරත්ත නිෂ්පාදනය හා ඒවා ගමනාගමනය සඳහා යොදා ගැනීමේ සැලසුමක් ලෙසයි මේ ක්‍රියාදාමය සිදුවෙන්නේ. විදේශීය කුමන්ත්‍රණයක් ලෙස අපේ ශක්තිමත් ජාතිය කාර් වලට හුරු පුරුදු කොට අපිව අලස ජාතියක් කළා. මැදපෙරදිග මුස්ලිම් රටවල් වල තෙල් අපේ රටට ඒවා මේ පින් බිම විනාශ කළා. දේශීය දර තියෙද්දී පිටරටින් ගෑස් ගෙනල්ලා රටේ මුදල් විනාශ කළා. සීනි, හා තිරිඟු ටිටි කවා අපේ ජාතිය ලෙඩ කළා. හැටනව ලක්ෂයක් බුද්ධිමත් ජනතාව එක්ව සිදුකල මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෝකෙටම ආදර්ශයක්. මේ වනවිට සංවර්ධිත රටවල පාලකයින් පවා මේ අපේ දේශීය ක්‍රමය අනුගමනය කිරීමට උත්සහ දරමින් සිටින බව ආරංචියි. එත්, ඒ මෝඩයින්ට ඒ ක්‍රමය අපි වගේ සාර්ථකව කරගන්න බැරිව අපිට ඉරිසියා කරමින් වෛරයෙන් පසු වෙනවා. ජාතියක් ලෙස අපි එකට එක්ව ඒ විදේශ ආක්‍රමණයන්ට එරෙහි වෙමු.මොනා උනත් අපිට ජීවත් වෙන්න සුන්දර රටක් තියනවා දැන්..

:       1       10

Kumara Tuesday, 16 November 2021 03:34 PM

ගොම්මන්පිල කියන ඒවා මේ හැත්තට තේරුනේ නැද්ද මන්දා

:       1       3

kamal Tuesday, 16 November 2021 04:41 PM

මෙහෙමත් පෝලිම් තියෙන රටකනේ අපි ජීවත්වෙන්නේ...

:       0       0

BamunuarachchiWednesday, 17 November 2021 07:43 AM

මේ අවුරුදේද ඉපදුනේ? අපි යහපාලන කාලේ තෙල් නැතුව මුහුද දිහා බලාගෙන සුමාන ගණන් හිටියා. පෝලින් වල හිටියා. ජපානේ කෝච්චියේ නගින්නත් පෝලිමේ ඉන්නවා. පෝලින් නැති රටක් කියන්න බලන්න. බාර්ලි නැති වෙනවා කියලා සමාජ මාධ්‍යක කිව්වාම බාර්ලි නොදැක්ක එකත් බාරිලි ගන්න පෝලිමේ ඉන්නවා. එහෙව් රටක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site