IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘ඉන්දියාව ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරනවා’

(නිමල කොඩිතුවක්කු)
 
රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විවිධ පිරිස් නගන චෝදනා අසත්‍යයක් බවත් ඉන්දියාව ඇතුළු රටවල් බොහොමයක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරමින් සිටින බවත්  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී අද (13) පැවසීය.
 
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරමින් දුප්පතුන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවක් ක‍්‍රියාත්මක කිරීම නිසා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට මෙවර මැතිවරණයෙන් විශිෂ්ඨ  ජයග‍්‍රහණයක් හිමි වූ බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.
 
දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන අතුරින් හොඳම සමාජ මෙහෙවරක් ඉටු කළ මධ්‍යස්ථාන සඳහා සම්මාන ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට එක්වෙමින් ඔහු  මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙසේ ද කීවේය. 
 
“රෝග නිවාරණය සහ ප‍්‍රතිකාර කිරීම ඉතාම වැදගත්. එහිදී බෝ නොවන රෝග පාලනය කිරීම සහ ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාවේ කාර්යභාරය පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. වර්තමානයේ ශ‍්‍රී ලංකාවේ රෝග නිවාරණය හොඳ තත්ත්වයක පවතිනවා.  

ශ‍්‍රී ලංකාවේ සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් පසු ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ද එහි ආභාෂය ලබාගෙන එවැනි මධ්‍යස්ථාන ලක්ෂ එකහමාරක් ඉන්දියාව පුරා ස්ථාපිත කළා. තව ද ශ‍්‍රී ලංකාවේ හෘද රෝගීන් සඳහා භාවිත කරන ස්ටෙන්ස් මිල අඩු කළ පසු ඉන්දියාව ද ස්ටෙන්ස් මිල අඩු කළා. දුප්පතුන් කේන්ද්‍ර කර ගත් සෞඛ්‍ය සේවාවක් ක‍්‍රියාත්මක කිරීම නිසා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙවර මැතිවරණයෙන් ද ජයග‍්‍රහණය හිමි කර ගත්තා.
 
කිසියම් පුද්ගලයෙකුගේ ශරීරය තුළ පවතින රෝග මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම ප‍්‍රතිකාර කිරීමට ඉතාම වැදගත්. එය රජයට ද වාසි සහගත වෙනවා. එම අරමුණින් දිවයින පුරා සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථාන 1500 ක් පමණ ස්ථාපිත කළා. 
 
පසුගිය වසර කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ ජනතාවගෙන් 35% ක් පමණ එම මධ්‍යස්ථාන භාවිත කරමින් රෝග පරීක්ෂණ සිදු කර ඇති බවයි. 65% ක් පමණ රෝග පරීක්ෂණ සඳහා සහභාගි වී නැහැ. 
 
රෝග පරීක්ෂණ සදහා සහභාගිවූවන්ගෙන් ද බහුතරය කාන්තා පාර්ශ්වයයි. එම නිසා දෙවන අදියර යටතේ බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක පුද්ගලයින් 10,000 - 15,000 පරාසයක ජනතාවට පවුලේ වෛද්‍යවරයෙක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. 
 
එම වෛද්‍යවරයා තමන්ට අයත්වන ජනතාවගේ සෞඛ්‍ය පරීක්ෂණ සෑම වසරක දීම අවස්ථා 2 කදී සිදු කළ යුතුයි. එමගින් මිලියන 21 ක් වූ ජනතාවගේ සියලූ සෞඛ්‍ය පරික්ෂණ නිවැරදිව සිදු වෙනවා. තව ද ක‍්‍රමවත්භාවයකින් තොර පෞද්ගලික වෛද්‍ය සේවා ක‍්‍රමය නතර කර පවුලේ වෛද්‍යවරයා මගින් ජනතාව විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමේ හැකියාව ද මෙමගින් උදා වනවා” යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, අතිරේක ලේකම් සුනිල් ද අල්විස් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චමිපිකා වික‍්‍රමසිංහ මහත්මිය ඇතුළු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.



අදහස් (0)

‘ඉන්දියාව ලංකාවේ සෞඛ්‍ය සේවාව අනුගමනය කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site