(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(22)  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
               
මෙම ගුවන් යානය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් මෙන්ම , කොළඹ වරාය තුළ නැංගුරම් ලා ඇති විදේශීය නැව් වල සේවය කිරීමට පැමිණෙන ඉන්දීය ජාතික නාවිකයන් පිරිසක් ද සිටින බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .     

මෙම ගුවන් මගීන් පිරිස ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 281 දරන විශේෂ ගුවන් යානයෙන් 6/22 දින  උදෑසන 6.28 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .         
මෙම සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කෙරුණි .