(*** අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ වී දැනට ඉන්දියාවට පැන ගොස් සිටින බව කියන ‘සාරා’ නමැති කාන්තාව වහා ලංකාවට ගෙන්වාගෙන බෝම්බ සිද්ධියේ සුලමුල සියල්ල හෙළි කර ගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වී දැනට ජීවතුන් අතර සිටින එකම තැනැත්තිය ‘සාරා’ පමණක් වන හෙයින් ඇය ලංකාවට ගෙන්වා ගත හොත් බෝම්බ ප්‍රහාරය එල්ල කළේ කාගේ වුවමනාවකටද? එහි අරමුණ කුමක්ද? ආදී සියලු තොරතුරු ඇගෙන් හෙළි කර ගැනීමට හැකියාව අැතැයි ද රහුමාන් මහතා සඳහන් කළේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවටද ගොස් තමන් ඒ ඉල්ලීම කළ බව කී මුජිබර් රහුමාන් මහතා ප්‍රහාරය පිටුපස සිටින හස්තය කවුදැයි සොයා ගැනීම සඳහා තමන් රජයට ඕනෑම සහයෝගයක් දීමට සූදානම් බවද කීවේය.
දිගන සිද්ධියෙන් පසු සහරාන්ගේ දේශන සහිත වීඩියෝ පටයක් තමාට ලැබුණු බව කී මුජිබර් රහුමාන් මහතා, තමා වහාම ඒ වීඩියෝ පටය පොලිස් මූලස්ථානයට බාරදී ඒ ගැන පරීක්ෂණ කරන්නැයි දැනුම් දුන් බවත්, වීඩියෝ පටයේ සඳහන් සහරාන්ගේ අදහස් ජාතීන් අතර ගැටුම් ඇති කරන ඉතා භයානක ඒවා බවත් එහිදී පොලිස් මූලස්ථානයට තමා දැනුම් දුන්නැයිද පැවැසීය.
‘සාරා’ රටින් පිට කිරීමට උදව් කළ බව කියන පොලිස් නිලධාරියා ද මේ වනවිට අත්අඩංගුවේ සිටින බව සඳහන් කළ මුජිබර් රහුමාන් මහතා ඉන්දීය රජයේද සහයෝගය ගෙන අදාළ සැකකාරිය වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ආණ්ඩුවට බල කර සිටින බවද කීවේය.

COMMENTS
මහා ලොකුවට තොරතුරු දුන්නට ඉන්දියාවත් මෙයට සම්බන්ද බව හැගෙන්නේ මට විතරද
බෝම්බේ ගහනකන් ඇස් කන් පියාගෙන ඉඳලා දැන් මගුලක් කියනවා
කවුද ඉතින් මුල... මතකද ඒ දවස්වල පාර්ලිමේන්තුවේ කතා කරපු විදිය.
ලඟදි අහන්න ලැබේවිද දන්නේ නැහැ සාරා ඉන්දියාවේදී හොයාගන්න බැරි විදියට මැරිලා කියලා. අර අංගොඩ ලොක්කා වගේ.
ඇ බොල... සරාට යන්න ඉඩ දුන්නේ, උදව් කලේ ඔයාලම නේද?
බුද්ධි ලොක්කෝ ජෝඩුවයි. දෙන්නා හිටියේ හරහටයි. උන්ගේ කටේ බොරු ගොඩයි. අහන්න හරි හිරිකිතයි !!!!
ඇත්ත තමා ඔක්කොම ඕකට සම්බන්ධයි කියන එක. ඕක තමයි තටමලා තටමල කරපු එකම් මඟුල..
සියලුම නිලධාරීන් පත්කෙරුවේ අගමැති කථානායක ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාවකින්ලු. පොලිස්පති, හමුදාපති පත්කළෙත් එතැනින් ලේකම්ලාත් එතැනින් ඔක්කොම එජාපය පාක්ෂිකයන් බල අරගලයේදී ජනාධිපති තනි වුණූ බලතල පාවාදුන්නු නිසා අසරණ වුණු ආරක්ෂක අමාත්‍යාංශයත් අකර්මණ්‍ය වුණු තොරතුරු ලැබිලත් ක්‍රියාත්මක වුණේ නැත්තේ ජනාධිපතිට පාඩම් උගන්වන්න මෝඩ සිංහලුන්ගේ ඉතිහාසගත පාවාදීම් නිසා අහිංසක ජනතාවක් මැරුණා. විදේශිකයන් එක්කම කෙසේවෙතත් දළදා පෙරහැර, පන්සල් පිපුරුව හරිය නම් මේ ඔක්කොම අය බුරුතු පිටින් විනාශ කරන්නේ.. මේ රටේ ජනතාව එතකොට ඔය ටයි, කෝට්, කොළ, නිල්, කහ, රතු, ලොකු, පොඩි අදාළ වෙන්නේ නැහැ.
ඉන්දියානු ආක්‍රමණිකයිනි, නුඹලාට මේ රට පාලනය කළ නොහැකියි. රටේ අහිංසක ජනතාව ඝාතනය කර පැලපදියම් වෙලා මේ රට ලෝකයටම ණයකරපු කලිසම්, ටයිපටි පල් හොරුන් ඉන්දියාවටම යන්න.
කවුද මේක සහරාන්ට කරන්න අවසර දුන්නේ?
සාරා ගෙනාවොත් සත්‍යය එළිවේවි... එතකොට ආණ්ඩුවට මොකද වෙන්නේ..? හිටපු ජනාධිපති ඇතුළු ජනපතිලාට මොකද වෙන්නේ? ඒකයි මේ ප්‍රශ්නේ.. දැන් සැපද?
සාරා කට ඇරියොත් ජනාධිපතිලා පෝලිමේ ඉඳීවිදෝ මන්දා..?
පාස්කු ප්‍රහාරයෙන් වාසි වුණේ කාටද? තව මොන කතාද?
සුනාමිය, කොරෝනා, පාස්කු ප්‍රහාරය... මේ තුනේම ලාභ ලැබුණේ කාටද රහුමාන් මන්ත්‍රීතුමෝ?
සාරාට කලින් සියල්ල දැනගෙන සිංගප්පූූරුවේ ශොපිං ගිය කපටි සිරාව අල්ලගන්න බලන්න.
මුජිබර්, මොකද නිකන් මෙහෙම ඉන්නේ? මරු විකාරෙන් කියවනවා වත්ද?
සාරාව ගෙනැල්ලා බොරුවට හාර හාර ඉන්නෙ නැතුව අහුවෙලා ඉන්න අය එල්ලුවනං හරි
මේ ඔක්කොම මැදමුලන මාෆියාව කළ වැඩ, සිරා සල්ලි වලටයි, මරණ බයටයි මේවා වෙන්න හැරලා පස්සේ වහගෙන හිටියා ආණ්ඩුව පෙරළෙනකම්...