IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ඉන්දියානු සාගරයේ රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
අද(12) උදෑසන ඉන්දියානු සාගරයේ උතුරු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවේ ගිනිකොන වෙරළ ආසන්නයේදී භූ කම්පනයක් සිදුව ඇති බව ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.
 
අලුයම 2.34ට පමණ හටගත් මෙම භූ කම්පනය රික්ටර් මාපක 5.4ක අගයක් ගත් බවද එම මධ්‍යස්ථානය කියා සිටී.
 
මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නොමැති බවද, මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.



අදහස් (7)

ඉන්දියානු සාගරයේ රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක්

jayanath Wednesday, 12 February 2020 04:07 AM

මම ජපානයේ ගොඩක් භූමිකම්පා අත්දැකලා තියෙනවා. රික්ට මාපක 5 න් උඩ බිමිකම්පා ඉතා විශාල දුරකට දැනෙනවා. මම මේ ටිකේ ඉන්නේ ලංකාවේ කොළඹ. මම අද පාන්දර 3 ට නිදාගත්තේ. 2.34 ට ලංකාවේ වෙරළට ආසන්නයෙන් කිලෝ මීටර් 400 ක් ඇතුලත මේ ප්‍රමාණයේ බුමිකම්පාවක් උනා නම් අනිවාර්යෙන්ම දකුණු පලාතට මේක තදින්ම දැනෙන්න ඕන. භූමිකම්පාවක් වෙද්දී අනිවා නිදන් ඉන්න ගොඩක් මිනිස්සු ඇහැරෙනවා. හවස් වෙලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.

:       0       4

සුජිත්. Wednesday, 12 February 2020 07:09 AM

මේ අගය වැරදියි. ඒක 4.7 ක් ලෙස නිවරැදි විය යුතුය.

:       0       2

kamalWednesday, 12 February 2020 12:02 PM

ඒ අගයත් වැරදියි... ඒක 4 ලෙස නිවැරදි වියයුතුයි...

:       0       0

ken4me Wednesday, 12 February 2020 07:49 AM

මම ඉන්නෙ කඩවත. මම මේ වෙලාවේ ඇහැරලා හිටියේ. මෙ සියුම් කම්පනය මට හොඳට තේරුනා. මට හිතාගන්න බැරිවූනා මොකක්ද උනේ කියලා. ඇඳත් වෙව්ලුම් කෑවා. ඒ ගමන් ශබ්දයකුත් ආවා. ඈතින් ගොරවනවා වගේ

:       0       2

නොකවුට් Wednesday, 12 February 2020 07:56 AM

සජිත් ප්‍රේමදාසගේ සන්ධානේ පිහිටවීම මහ පොලොවට දරාගන්න බැරි වෙලා

:       104       54

Akila Wednesday, 12 February 2020 09:21 AM

මෙය සිදුවූ ප්‍රදේශයේ කලින් භූ චලන සිදුවී නැත්නම් මෙය විශාල අනතුරක පෙරනිමිත්තක්....

:       0       57

gamaathi Wednesday, 12 February 2020 03:49 PM

මෙම භූ චලනය කළුතර නාබොඩ ප්‍රදේශයට පෙ.ව. 2.36ට දැනුණා. ගෙයි පැත්තක් සෙලවෙන්නට පටන්ගත්තා. මේ සමගම ගිගුම්දෙන ශබ්දයකුත් ඇසුණා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 952 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1018 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site