(හර්ෂණ තුෂාර සිල්වා)
ඉන්දියානු මහ බැංකුව ඇමෙරිකානු ඩොලර් කෝටි 40 ක ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදීමට එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව කරන ලද ඉල්ලීමකට අනුව ඉන්දියානු මහ බැංකුව එම මුදල් ලබාදීමට එකඟ වූ මහ බැංකුව සඳහන් කරයි.
මීට අමතරව තවත් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ලබාගැනීම සඳහා ඉන්දියානු මහ බැංකුව සමඟ ද්විපාර්ශවීය හුවමාරු ගිවිසුමක් ඇති කරගැනීමට අපේක්ෂිත බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ඉන්දීය මහ බැංකුවෙන් ලැබෙන මෙම මූල්‍ය සහයෝගය ශ්‍රී ලංකාව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමට හේතුවනු ඇතැයි ද ප්‍රමාණවත් විදෙස් සංචිත ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට උපකාරි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය මහ බැංකුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට එම මුදල ලැබෙන අතර ‘කලාපීය සහයෝගීතාව සඳහා වන දකුණු ආසියානු සහයෝගීතාව සංවිධානයේ හුවමාරු පහසුකම’ යටතේ එම මුදල් ලැබීමට නියමිත යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පසුගිය වසරේ අවසන් මාස තුනේදී විදේශ මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන 1.1ක් පමණ අහිමි වූ බවත් වසර අවසන් වනවිට සමස්ත විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.94ක් වූ බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
COMMENTS
හුරේ... ලැබුණා ලැබුණා... ණය ලැබුණා... මගේ අමාත්‍යාංශයට, මගේ පාවිච්චියට හොඳ වාහන කීපයක් ඕනේ හොඳේ. මොකද මට පොඩිකාලේ මගේ අම්මා " රථ කල්කේ " දීලා නැහැ. ඉතින් මට රථගාය ඔලුවටම ගහලා... තව මොන හිඟන ඇමතියටද, මන්ත්‍රියටද ඕනේ? ඉක්මන් කරපියව් යකුනේ සල්ලිටික ඉවර වෙන්න කලින්...
දැන් මේ ලැබුණු නය ගෙවන්නේ මේ " පාදඩයින්ගේ ආදරණිය මෑණියන්දලාද?", නැත්නම් අහිංසක ජනතාවද? දැන් එතකොට දියවන්නඔයේ සම"හරක්" අම්බරුවන් හොඳටම තප්පුලන්න ගත්තා නේද? මීට පෙර හිටිය හොරු රෑන ගත්ත ණය තමයි මේ අපි ගෙවන්නේ කියලා. ඉදිරියේදී දියවන්නා ඔයට එන " ඊලග කාලකන්නි හැත්ත " කියයි මීට පෙර හිටිය " කාලකන්නි මූසලයෝ "ගත්ත ණය අපි ගෙවන්න කියලා ඇඟිලි දික්කරනවා නේද?... ෂා මරු හිඟන්නන් 225.
මේ මනුස්සයා නැවත පාසල් ගියොත් හොඳයි. o/l ගණිතය දන්නේ නැහැ....
ඔන්න ඕකයි ජාත්‍යන්තරේ දිනනවා කියන්නේ. කලින් අපි චීනෙට ණයයි. දැන් අපි ඉන්දියාවට සහ ඇමෙරිකාවට ණයයි. මතුපරපුරට සෑහෙන අභිමානයක් ඇතිවෙයි කලින් පරම්පරා ගැන...
ඔන්න දැන් ඊළඟ ඡන්දෙට පඩි වැඩි කරන්න හදන්නේ ඕකෙන්... මම දන්නේ නෑ කොහොමද ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වෙන්නේ කියලා...? වැඩියෙන් ණය ගන්න රටක් තවත් ණය ගත්තම...
පොරොන්දු වූ දේවල් ගැන පසුබිම් කතාවත් කියන්න...
ඉතාම ලාභදායි ගනුදෙනුවක්. ඇලස්කාව, ඇමරිකාවට විකුණන කොට රුසියාවට ලැබුනේ අක්කරයකට (ඩොලර්) සත දෙකකටත් අඩුවෙනුයි. අපිට අක්කරයකට ඩොලර් දෙසිය හතලිස් හයකටත් වඩා වැඩියෙන් ලැබී තිබීම කොතරම් ලාභයක්ද?
චීනගෙන් ණයට අරන් වරාය හදපු එකේ අනික තමයි. වරාය අඩු තරමේ විකුණන්න වත් පුළුවන් වුණා. මේ සල්ලි ගත්තේ මොනවටද? වියදම් කරන්නේ මොනවටද? කවුරුවත් දන්නේ නැහැ. ඡන්දෙට විසිකරලා කන්න බොන්න දීලා අන්තිමේ ගෙවන්න ගියාම රටම ඒ අයට විකුණන්න වෙනවා.
මොනවද දන්නේ නැහැ විකිණුවේ...
එය ඇ.ඩො. මිලියන 400 ක් විය යුතුයි.
හා හා අපිට සහන සලසන්න වෙන්න ඇති... අපිට සහන දෙන්නද? නැතිනම් එජාප සංධානයට බා ගන්න හදන ශ්‍රීලංකා මන්ත්‍රීන්ට දෙන්නද? හැබැයි මේවා කවර් කරන්න බදු ගැහැව්වොත් අපිට හොම්බෙන් යන්න වෙනවා...
අන්තිමේදී ඉන්දියාවෙනුත් හිගා කන්න යන්න ඕනේ තරමට දේශ පාලකයන් රට බිමට දමලා තියෙනේ. එම මුදල් මහා බැංකුවට හැරෙව්වනම් හරි. ණයට නැතිව ජපානයෙන් පොලි නැති ණය මුදලක් ලබාගන්න බැරිද ? රටේ නිෂ්පාදනයක් නැහැ .ආයෝජකයෙකුට එන්නදෙන්නේ නැහැ, දේශ පාලකයෝ කොමිස් ඉල්ලනවා පාතාලය කප්පම් ඉල්ලනවා නැත්නම් මරනවා.
"පසුගිය වසරේ අවසන් මාස තුනේදී මෙරට විදෙස් සංචිතවලින් ඩොලර් බිලියන 1.1ක් පමණ අහිමි වූ බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. " කතාව නම් " මං සුදනා " .මේ පාඩුව තනිකරම ජනාධිපති නටපු කෝලමේ විපාක.
ඇයි අපිට මෙහෙම සල්ලි ගන්න සිදු වුනේ කියන එක අපි කවුරුත් හිතලා බලන්න ඕනි. අපිට ඉන්දියාවෙන් සල්ලි ලැබුනා කියමින් පාරම් බාන එක නවත්තලා. මෙහෙම වෙන එක රටක් වශයෙන් විලි ලැජ්ජා නැති දෙයක්.
ඉවසගන්න බෑ සතුට. හිගාකන එක නවත්තල නිදහස් නිරවුල් රටක් වෙන්න හිතන්නේ කවදද?
නිකන්ද දෙන්නේ? මුළු ගිවිසුමම මහජනයාට පෙනෙන්න දාන්න. රටේ ගොඩක් ගිවිසුම් හොරෙන් ගහන්නේ. අන්තිමට වැරදි එක එක අයට දාල අන්තිමට ගෙවන්නේ පොදු ජනතාව.
අර්ජුන් මහේන්ද්‍රන් ඉන්දියාවේ මහා බැංකුවේ ආයෝජනය කරලා වගේ
හොරාකන්න නැවත වතාවක්.
මේ දෙගොල්ල මාරුවෙන් මාරුවට ඉන්දියාවටයි චීනෙටයි රට උකස් කරනවා. අපි කවදද මේ ණය උගුලෙන් ගැලවෙන්නේ. අවුරුදු 70ක් තිස්සේ ආපු පාර දැන්වත් වෙනස් කරමු. රටට විකල්පයක් ගැන හිතමු.
මේක ඉංගිරිසි පත්තර වල තියෙන්නේ මිලියන 400 කියලා ! ඒ කියන්නේ කෝටි 40.
මහ බැංකුව හොරා කාපු අයගෙන් සල්ලි අය කරගන්න. මහ බැංකුව වැටුනේ යහපාලන කාරයෝ හොරා කාපු නිසා. කොච්චර තව ආධාර ආවත් ඒවත් හොරා කනවා මේ කට්ටිය. අනික ඉන්දියාව චීනේ මේවා දෙන්නේ ආදරේටනම් නෙමේ. ගිවිසුම්වල අන්තර්ගතය අපිටත් දැන ගන්න ඕන නැත්නම් විදවන්න වෙන්නේ අපිටම තමයි මේ ආණ්ඩුව බලේ ඉන්නේ තව මාස කීපයයි ගහන ගිවිසුම් ටික ගහල එයාල පවුල් පිටින්ම රට පැන ගනී.
ඩොලර් කෝටි 400 නෙමේ ඩොලර් මිලියන 400 ක් ඒ කියන්නේ ඩොලර් කෝටි 40 යි
මේ රටේ දේශපාලකයෝ අද ගන්නේ ජනප්‍රිය දේශපාලන තීරණ විතරයි. නිෂ්පාදන ආර්ථිකයක් නැතුව මේ රට හදන් බැහැ. රටේ ශ්‍රම බලකායෙන් ලක්ෂ13ක් ත්‍රී වීල් වල කාලේ කනවා. කොන්ද පණනැති පිරිමින්ගේ භාර්යාවෝ ගෘහසේවයට ගිහිල්ලා තමුන්ගේ පවුල් නැතිකර ගන්නවා. රාජ්‍ය සේවකයෝ ප්‍රමාණය පුළුවන් තරම් තරම් වැඩිකරනවා. දැන් එ්ක 16%ක්, සමහර රජයේ කාර්යාලවල ඉඩගන්න පුටු නැහැ, දේශපාලකයින්ගේ සහ ඒ අයගේ කාර්යමණ්ඩලවලට වසර 5න් විශ්‍රාම වැටුප්… මේවා නවත්තන්නේ නැතුව රට හදන්ඩ බැහැ..
අනේ අපිට හරි සතුටුයි. අපිට බඩ කට පුරා කන්න දැන් හිඟමන් ගොඩක් ලැබෙනවා. ලැජ්ජනැති ජාතියක්... ඉන්දියාව ආරේට දෙන්න ඇති බලාහිටිල්ලා කන්න.
ඉන්දියානු මහ බැංකුවටත් අබ සරණයි..
එක්සත් ජාතික පක්ෂ රජයේ ණය බර අඩුකරන හැටි.
ගණන් පාස් උනාට ගණන් බැරි රටේ ඔව්ව කිව්වට වැඩක් නෑ
අන්න තව කාබන් බද්දක් කියලා එකක් හදුන්වලා දීලා. නැත්තම් ඉතින් මේ ගන්න විදිහට ණය පියවන්නේ කොහොමද.
කවුරුවත් නිකන් දෙන්නේ නැත.
ඉන්දියාවේ එක කොටසක් වෙයි ලංකාව...