(නිමල කොඩිතුවක්කු)
ත‍්‍රස්තවාදවය වැළැක්වීමේ නව පනත යටතේ රට ඉඩී අමීන්ගේ පාලනයකට සමාන තත්වයකට පත්කිරීමේ උත්සාහයක වත්මන් රජය නිරත වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී අද (28) පැවසීය.
රටේ පවතින සියලුම මානව හිමිකම්, සියලුම වෘත්තීය අයිතිවාසිකම් මාධ්‍ය නිදහස වළලා දැමීම සඳහා මෙම පනත මගින් රජය සැළසුම්සහගතව උත්සාහ කරන බවද දිසානායක මහතා කියා සිටියේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා මෙසේද කීවේය.
‘‘ත‍්‍රස්තවාදවය වැළැක්වීමේ නව පනත යටතේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උත්සාහ කරන්නේ ශිෂ්‍යයන්, වෘත්තීය සමිති පාරට බැස්සොත්, රාජ්‍ය දේපළවලට හානි කළොත් එම පිරිසට සිර දඬුවම් ලබා දෙන්නයි. ඉඩී අමීන්ගේ වගේ පාලන සමයන් වලදී තමයි මේ වගේ නීති පනවා තිබුණේ.
මේ පනතින් මාධ්‍යයට පවා තහංචි පැනවෙනවා. මේ තත්වය යටතේ තොරතුරු දැනගැනීමේ නිදහස, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තියෙන මානසික නිදහස ආදිය සියල්ලක්ම මේ පනතින් අහවර වෙනවා.
ඒ අනුව මේ රටේ තියෙන සියලු මානව හිමිකම්, සියලු වෘත්තිය අයිතිවාසිකම් මාධ්‍ය නිදහස වළලා දැමීම සඳහා සැළසුම් සහගතව අග‍්‍රාමාත්‍යවරයා මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා.
මානව හිමිකම් කොමිසමට අපිට විරුද්ධ යෝජනාව ගෙනාවේ ඇමරිකාවයි. පහුගිය දිනවල ඇමරිකාව මේ මානව හිමිකම් කොමිසම අසූචි ගොඩක් කියලා ඒකෙන් ඉවත් වුණා."
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
‘ඉඩී අමීන්ගේ පාලනයට සමාන කිරීමේ උත්සහයක රජය නිරතවෙනවා’