(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල වෑවලවැව, සීගිරිය අලකොළවැව ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ජාවාරම් පිළිබඳව මාධ්‍යයට තොරතුරු දුන්නැයි චෝදනා කරමින් ප්‍රදේශයේ ගොවියකුට ඉකුත් 23 වැනිදා බරපතළ ලෙස පහරදී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ දඹුල්ල වෑවලවැව, අලකොළවැව ප්‍රදේශයේ පදිංචි ඒ.ජී. දිසානායක නොහොත් ප්‍රදේශයේ බොහෝදෙනකු හඳුනන ‘බණ්ඩා මාමා’ නමැත්තෙකි.
ඔහු දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
රජයේ ඉඩම් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අත්පත් කරගෙන ඒවා පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ක්‍රියාවලිය සිදුවන බව ජනමාධ්‍ය මඟින් පසුගිය කාලය පුරා දිගින් දිගටම හෙළිදරව් විය.
එම අවස්ථාවලදී මාධ්‍යවේදීන්ට, වන සංරක්ෂණ නිලධාරීන්ට, පොලිසියට සහ වනජීවී නිලධාරීන්ට තොරතුරු ලබාදුන් බවට චෝදනා කරමින් තමන්ට පහරදී පිහියකින් ඇනීමට ද උත්සාහ කළ බව පහරකෑමට ලක් වූ පුද්ගලයා පොලිසියට ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සිරස ලක්ෂපති වැඩසටහනේ කතාකරපු දුවටත් හමුදා ආරක්ෂාවවත් දෙන්න වෙයි. දැනටත් ඇමතිවරු ඇයට විරුද්ධව බුරන්න පටන් අරගෙන.
රටේ සාධාරණය වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ට ආරක්ෂාවක් දෙන්න රජයට පුළුවන් වෙන්න ඕනේ. පාරේ මිනිහෙක් වැටිලා හිටියත් බලන්නේ නැති තත්වෙට පත්වෙලා තියෙන්නේ ,රාජ්‍ය පරිපාලනය , නීති ක්‍රියාත්මක කිරීම හරි හැටි නොවෙන නිසා. මෙහෙම ගියොත් රට සිංගප්පුරුව කෙසේ වෙතත් උගන්ඩාවක් වෙන එක වැලක් විය නොහැකි. දේශපාලකයින් පසුගිය දශක කිහිපය තුල රටට දීල තියෙන පරමාදර්ශ වල ප්‍රතිපල තමයි මේ.