(රංජන් කසිතුරි)

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ සංචාරක සීමා ලිහිල් කර තිබේ.

ඒ අනුව ඇමෙරිකාව එරට පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි දන්වමින්  කර තිබූ උපදෙස වෙනස් කරමින් ‘‘ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව සලකා බලන්න‘‘ යනුවෙන් වෙනස් කර තිබේ.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ටිවිටර් පිණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සඳහා පනවා තිබූ හතරවන මට්ටමේ සංචාරක සීමාව තුන්වන මට්ටම දක්වා ලිහිල්කර තිබෙන බවය.

ශ්‍රී ලංකාව සඳහා සංචාරක සීමාව තුන්වන මට්ටමේ තබා ඇත්තේ රටේ පවතින කොවිඩ් තත්ත්වය නිසා බව ද  ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ටිවිටර් පණිවුඩයේ සඳහන් වේ.