ඇමෙරිකා එක්සත් ජනපදය" චීනය සමඟ පවතින සබඳතා ‘‘නව සීත යුද්ධයකට’’ තල්ලු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවසීය.
නව කොරෝනා වයිරසය, හොංකොං හි තත්ත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෑත කාලයේ ඇමෙරිකාවත් චීනයත් අතර පවතින සබඳතා නරක අතට හැරී ඇත.
‘‘ඇමෙරිකාවේ ඉන්න ඇතැම් දේශපාලන බලවතුන් චීන-අමෙරිකා සබඳතා ප්‍රාණ ඇපයට අරගෙන. එය අපේ අවධානයට යොමු වී තිබෙනවා. ඒ තත්ත්වය නිසා දෙරට අතර නව සීත යුද්ධයක් ඇති වෙන්න පුළුවන්’’ යැයි චීන විදේශ අමාත්‍යවරයා කීය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
ගත්ත ණය ගෙවාගන්න බැරිවුණාම, යුද්ධ ප්‍රකාශ කිරීම ලෝක සහ ඇමෙරිකාවේ සාමාන්‍ය ගති පැවැතුමක්. ඇත්තටම ඇමෙරිකාව චීනයට කොච්චර ණයයිද?
අප ඇමරිකාවට පක්ෂව කතා කරනවා නොවෙයි. ඒත්, වයිරසය ඇමරිකානු විද්‍යාඥවරයෙකුට මුදල් දී සාදා ගත් නිසා ඒ විද්‍යාඥයාව ඇමරිකාවෙන් අත්අඩංගුවට ගත්තා. චීනයේ සිට ඇමරිකාවට ශිෂ්‍යත්වයක් ලබා වැඩිදුර ඉගෙනීමට පැමිණි චීන කාන්තාව එම වයිරසය අරගෙන චීනයට පැමිණි බවත්, ඉහත ඇමරිකානු විද්‍යාඥයාට විශාල මුදල් චීන රජයෙන් ගෙවූ බවට සාක්ෂි ඇති බවත්, ඇමරිකාව පැවසූවා. එයට චීනය නිහඬව සිටියා මිසක්, සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට ගත්තේත් නැහැ. ඒවා සත්‍ය ලෙස ඔප්පු කරන ලෙස ඇමරිකාවට අභියෝගයක් කළේත් නැහැ. ඒ වගේම පසුගියදා, චීනය ගැන හොඳින්ම දන්නා ඕස්ට්‍රේලියානු වයෝවෘද්ධ මහාචාර්ය වරයෙකුද, මේ වයිරසය පිටවුනේ චීනයේ රසායනාගාරයක් තුළින් බව ලොවට හෙළිකළා. එයටත් චීනය පිළිතුරු දුන්නේ නැහැ. තමන්හට චෝදනාවක් අාවහම ඒකට පිළිතුරු නොදී නිහඬව සිටීම වරද පිළිගැනීමක් බවට අධිකරණයත් පිළිගන්නවා. චීනය මේ වයිරසය වඩාත් දියුණුකොට නිපද වූ බව සිතෙනවා. එය ලොව මහා බලවතා වීමට හා ලොවම තම අණසකට යටත්කොට ගැනීමට යයි කියා කාට හෝ සිතුණොත්, එහි වරදක් තිබේද? නැත...
ඔය කියන රටේ නායකයා තම මානසික ව්‍යාකූලත්වය පිළිබඳව ඉතා හොඳ ආත්ම ගවේෂණයක් කර ඇත්තෙක්... ඒ හින්දා කෝකටත් කියලා සූදානම් වෙන එකනම් හොඳයි.
ඇමෙරිකාව විතරක් නොවෙයි. මේ ව්‍යසනය අහවර උනාම !! ලෝකයේ නොයෙක් බලගතු රටවල් මෙන්ම තවත් වෙනත් රටවල් වල දෝෂාභියෝගයන්ට සහ ලෝකයටම වන්දි ගෙවීමට චීනයට සිදුවනු ඇති. මුළු ලෝක ප්‍රජාවම විනාශ මුඛයට ඇද දැමු චීනය අතිශයින් ලජ්ජාවිය යුතුයි. කර්මානුකුලවද ඔවුන්ට ගැලවීමක් ද නැහැ. ඔවුන් මේ පැතිර යාම වැළැක්වීමට පියවර නොගැනීම අතිශයින්ම අමානුෂික ක්‍රියාවක්.
ඔය සීතල ඉවසන්න පුළුවන්... ඒ නිසා අපි ඕක ඉක්මණින් උණුසුම් කරමු... ඒක කරලා ඔය හදපු පරමාණු බෝල 10 ක් 20 ක් දාලා බලමු...
චීනය මීට පෙරත් "සාර්ස්" වසංගතය ලොව පුරා පැතිරවුවා. මෙවරත්, වගකීමකින් තොරව "කොවිඩ්" වසංගත ලොවපුරා පතුරවා මිනිස් ජීවිත දහස් ගණනින් නැති කළා. අද මේ වසංගත නිසා බොහෝරටවල මිනිසුන් තම ජීවනෝපාය කරගත නොහැකිව අසරණ වී සිටිනවා. චීනය මේ තත්වයට වගකිව යුතු අතර, ඒ සඳහා යම් දඬුවමක් විඳීමට සූදානම් විය යුතුයි.