(තිළිණි ද සිල්වා)
නොවැළැක්විය හැකි හේතුවක් මත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර තිබෙන බව මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකා සංචාරය අවලංගු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය කියාසිටින්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීම සඳහා යාමට සිදුවී ඇති බැවින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බවයි.
අමෙරිකානු රාජ්‍ය ලේකවරයා ලබන 24 වැනිදා සිට 30 වැනිදා අතර කාලය තුළදී සැලසුම් කර තිබූ ආසියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ද සංචාරය කිරීමට නියමිතව තිබිණි.
COMMENTS
අනේ සාදු...........
විමල් වීරවංස මහතාගේ කතාව ඇහිලා වෙන්න ඇති. ඔබට ස්තුතියි වීරවංශ මහතා... නමේ හැටියට වැඩ, ඒකට වික්‍රමසිංහලා නේද?
විමල් වීරවංස මහත්තය දුන්නනේ හැම තැනින්ම දුන් විසික් වෙන්න කතාවක් පාර්ලිමේන්තුවේදී ... ඒ කතාව අහල වෙන්න ඇති මගේ හිතේ ...
ලන්ඩන් ඉඳලත් කඹ හොරුන්ට මහත්තයා කියන්නේ රටේ කරුමේ තමයි.
අපේ විමල්ට ඇමෙරිකාවත් බයයි.
විමල් වීරවන්ශල වැනි ජනතාව බහුතරයක් ඇති කෙලින් නායකයන් සිටිනා හා නූතන ආන්ඩුව වැනි ඡන්ද නැතුව බලෙන් සිටිනා ආන්ඩුවක වෙනස හා අනතුර හදුනාගෙන නොපැමින ඇත. වීරවන්ශ වැනි කොන්ද පන ඇති එඩිතර නායකයන්ට උපහාරය
විමල්ට බයේ එන්නේ නැත්තේ.