IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමෙරිකානු ආරක්ෂක ලේකම්-ජනපති අතර දුරකතන සංවාදයක්

( තිළිණි ද සිල්වා)
 
ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම ඇතුළු  කරුණු කිහිපයක් සමබන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් ටී එස්පර් මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දුරකතන සංවාදයක නිරත වූ බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

 
කොව්ඩ් 19 වසංගතයට මුහුණ දීමේදී අත්කර ගත් සාර්ථකත්වය සහ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව ද අමෙරිකානු ආරක්ෂක ලේකම් ආචාර්ය මාර්ක් ටී එස්පර් මහතා මෙම දුරකතන සංවාදයේ දී ජනාධිපතිවරයාට සුබපැතුම් එක් කළ බවද  ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සදහන් වේ. 
 
මෙරට සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අඛණ්ඩ ප්‍රගතියක් අපේක්ෂා කරන බවද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත වැඩිදුරටත් පෙන්වා දී ඇත.
 
මීට අමතරව මෙම දුරකථන සාකච්ඡාවේදී සියලු ජාතීන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා වන අයුරින් නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් ප්‍රතිපත්තිය වෙනුවෙන් ඇති කැපවීම පිළිබඳව ද ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපතිවරයා අතර අදහස් හුවමාරු වූ බව ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් පෙන්වා දේ.
 
පොදු ද්විපාර්ශ්වික ආරක්ෂක ප්‍රමුඛතා පිළිබඳව එහිදී අවධානය යොමුකර ඇති ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සන්නද්ධ හමුදා වෘත්තීමයභාවය, ත්‍රස්ත මර්දනය හා නාවුක ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ අවධානය යොමුකර තිබේ.
 
ද්විපාර්ශවික ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැපවීම ද මෙම දුරකතන සංවාදයේ දී  දෙපාර්ශවය විසින්ම පෙන්නුම් කළ බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.



අදහස් (2)

ඇමෙරිකානු ආරක්ෂක ලේකම්-ජනපති අතර දුරකතන සංවාදයක්

Champa Monday, 31 August 2020 01:34 PM

ඇමෙරිකාව ගිය සතියේ සම්බාධක පනවපු බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතිය කරන චීන කොම්පැනිය එක්ක ලංකාව පෝට් සිටි එක හදන එක නවත්තන්න කියලා කියන්න වෙන්නැති...

:       0       1

upali Tuesday, 01 September 2020 04:58 AM

ඔන්න පැන්නා MCC බළලා මල්ලෙන් එළියට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site