IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ඇප ඉල්ලීමේ නියෝගය අප්‍රේල් 2 දා

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය අප්‍රේල් මස 02 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) දැනුම් දුන්නේය.
 
ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් ලංකාවේ සීනී නිශ්පාදනය කිරීම සඳහා එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සුත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට රුපියල්  කෝටි 5 1/2 ක අල්ලසක් ඉල්ලා ඉන් කෝටි 02 ක් ලබාගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වී ඔවුහු සිරදඬුවම් හා දඩ නියමවී  සිටිති.

විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති අභියාචනයේ තීන්දුව ලැබෙනතුරු තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම සළකා බැලු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන  ලබන මාර්තු මස 10 වැනිදා ඉදිරිපත් කිරීමටද නියම කළේය.
 
හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස  කටයුතු  කළ පියදාස  දිසානායක මහතාට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම සළකා බැලු මෙම නඩුව විභාග කළ විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විසින් එලෙස නියම කරන ලදී.
 
හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය ඉදිකැටිය හේවගේ කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා ලෙස  කටයුතු  කළ පියදාස  දිසානායක මහත්වරුන් විසින් නීතීපතිවරයා වගඋත්තරකරු කරමින් විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ තීන්දුව ඉවත දමා තමන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින්  ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන දෙකක් ඉදිරිපත් කර ඇත.
 
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට වසර 20 ක සිරදඬුවමක්ද රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට වසර 12ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළ නියම කළ විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස් මුදල ලබාගත් ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය සේවකයින් වන පළමු විත්තිකරුට රුපියල් 65,000/-කද දෙවැනි විත්තිකරුට රුපියල් 55,000/-ක දඩ මුදල්ද නියම කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචන දෙකේ තීන්දුව ලැබෙනතුරු කුසුම්දාස මහානාම සහ පියදාස  දිසානායක මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට ඉල්ලීම් ඉදිරිපත් කොට තිබිණි.
 
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් තරයේ විරුද්ධ වන්නේ යැයි පැවසීය.
දෙපාර්ශයේ කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල අදාළ නියෝගය නිකුත් කළේය.

 



අදහස් (2)

ඇප ඉල්ලීමේ නියෝගය අප්‍රේල් 2 දා

උක්කු බණ්ඩා Tuesday, 18 February 2020 04:04 AM

අධිකරණයෙන් දඬුවම් නියමවුවන්ට මහතා හෝ මහත්මිය ලෙස ආමන්ත්‍රණය කිරීම එම වචනයට කරන අගෞරවයක් යයි සිතමි. මහත්මා ගති ඇත්තන් මෙවෙනි දෑ කිරීමට නොපෙළඹෙයි.

:       0       22

denin Tuesday, 18 February 2020 04:56 AM

දැන් මේ සීනි කර්මාන්ත ශාලාවේ තත්වය මොකක්ද කියා සොයාබලා මාධ්‍ය මගින් රටට දන්වනවා නම් එය ලොකු සේවයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 235 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 733 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site