IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිනීතී බලපත්‍රයෙන් රා ප්‍රවාහනය කරලා

( තුසිත කුමාර ද සිල්වා)

දිවයින පුරා ක්‍රියාත්මක අඛණ්ඩ ඇඳිරිනීතිය පැවැතියදී බේරුවල පොලිස් වසමේ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ දී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහන බලපත්‍රය සඳහන් ලොරි රථයක ලීටර 20 බැගින් වූ රා   අඩංගු කෑන්  11ක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරන කරන අතරතුර දී  බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි .

මෙම ලොරි රථය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීමට පොලීසිය මගින් ලබාගත් බලපත්‍රය අවභාවිත කරමින් එළවලු රැගෙන යන මුවාවෙන් මෙම නීතිවිරෝධී රා ප්‍රවාහනය කර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය කියයි. එම ලොරි රථය කලුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවත් එම රා බැරල් තොගය හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පොල්වත්තක සිට රැගෙන එන බවට ලද තොරතුරක් මත පොලීසිය මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබේ.

ලොරි රථය සහ රා බැරල් තොගය මේ වන විට පොලිස් භාරයේ තබා ඇති අතර සැකකරු අද  අධිකරණයට ඉදිරිපත් කර තිබේ .

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, කොට්ඨාශ භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ .



අදහස් (1)

ඇඳිරිනීතී බලපත්‍රයෙන් රා ප්‍රවාහනය කරලා

appu Friday, 17 April 2020 02:40 AM

මත්ද්‍රව්‍ය රා මේවා කල් තබාගැනීමට පහසුකම් නැත දෙපාර්ශවයේ අගමැතිවරුන්ගේ ප්‍රාදේශීය දේශපාලකයින් මේ ව්‍යාපාරයේ යෙදෙනවා... විදිමත්ව බෙදාහැරීමට වැඩපිළිවලක් උන්නැහේල සොයාගනී....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site